
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
විෂ මත්ද්‍රව්‍ය මුලිනිපුටා දැමීම සදහා වන රටම එකට ජාතික මෙහෙයුම යටතේ දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මෙහෙයුම් සභා පිහිටුවීමේ රත්නපුර දිස්ත්‍රික් වැඩසටහන අද (27) සබරගමු පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්නගේ සහ මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගලගේ ප්‍රධානත්වයෙන් රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.
මෙරට තුළ විෂ මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය ජාතික උපද්‍රවයක් බවට පත් ව ඇති අතර, විෂ මත්ද්‍රව්‍ය ජාවාරම කේන්ද්‍ර කරගෙන බොහෝ අපරාධයන් සිදු වන බව ද නිරීක්ෂණය වී ඇත.
ඒ අනුව ජාතික මට්ටමේ දේශපාලන නායකත්වය ද හවුල්කර ගනිමින් කාර්යක්ෂම තීරණ ගැනීමේ යාන්ත්‍රණයක් මෙන් ම පුළුල් මහජන සහභාගිත්වයක් සහිතව මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ අරමුණින් රත්නපුර දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මෙහෙයුම් සභා පිහිටුවීම ඊයේ (27) සිදුකෙරුණි.
එහි දී විෂ මත්ද්‍රව්‍යට එරෙහි ජාතික මෙහෙයුමේ රත්නපුර දිස්ත්‍රික් මෙහෙයුම් කමිටුවේ සභාපතිවරයා ලෙස ජාතික ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර පත්කෙරිණ.
මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල විසින් මේ බව ප්‍රකාශ කළ අතර මෙම වැඩසටහන යටතේ පුළුල් ප්‍රචාරණ ක්‍රියාවලියක් හරහා සමාජය මත්ද්‍රව්‍ය උවදුර සම්බන්ධයෙන් දැනුම්වත් කිරීම, විෂ මත්ද්‍රව්‍ය ජාවාරම හා බැඳුණු ජාලය බිඳ දැමීම, පුනරුත්ථාපන අවස්ථා බලගැන්වීම, භාවිතයෙන් ඉවත්වීමට කැමති අය සඳහා අවස්ථාව ලබාදීම සිදුකරයි.
(Page – Sabaragamuwa Province සබරගමුව පළාත)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart