
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජපන් වෙළඳ නාම අයථා ලෙස භාවිත කරමින්, ව්‍යාජ ලෙස සකස් කළ විදුලිපංකා අලෙවි කළ ජාවාරමක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් හසුකරගෙන තිබේ.
එම අධිකාරිය පවසන්නේ පිළියන්දල ප්‍රදේශයේ සිදුකළ මෙම වැටලීමේදී සොයාගත් විදුලි පංකා සඳහා නිසි ආනයනකරුවකු හෝ නිෂ්පාදකයකු පිළිබඳ තොරතුරු පවා සොයාගැනීමට නොහැකි වූ බවයි.
බොහෝ පාරිභෝගිකයන් ජපන් වෙළඳ නාම කෙරෙහි දක්වන විශ්වාසය මත එවැනි වෙළෙඳ නාම මෙම ජාවාරම සඳහා භාවිත කර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
මෙම ජාවාරමට අදාළව පසුගිය සඳුදා (27) නඩු පවරන ලද අතර, අදාළ ව්‍යාපාරිකයා වරද පිළිගැනීමෙන් පසුව කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය මගින් රු.40,000/- ක දඩයක් නියම කර තිබේ.
නඩු භාණ්ඩ ලෙස ඉදිරිපත් කළ විදුලිපංකා 20ක් රාජසන්තක කිරීමටද නියෝග කරන ලදී.
මෙවැනි වංචාවලින් ආරක්ෂා වීමට භාණ්ඩයක් මිලදී ගැනීමේදී භාණ්ඩයේ ලේබලය සහ අකුරුවල ස්වභාවය (Font & Print Quality), නිෂ්පාදකයාගේ හෝ ආනයනකරුගේ නම සහ ලිපිනය, උපරිම සිල්ලර මිල (MRP) ආදිය සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙසත් ආයතනික වගකීම් සහතිකය (Company Warranty Card), මුදල් ගෙවූ පසු පිළිගත් බිල්පතක් ඉල්ලා සිටින ලෙසත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ජනතාවට දැනුම්දෙයි.

Adding {{itemName}} to cart
Added {{itemName}} to cart