January 28, 2026

අද (27) අලුයම අම්බලන්ගොඩ, සුනාමිවත්ත ප්‍රදේශයේ නිවසක පැවති සාදයක් අතරතුර නාඳුනන ප්‍රහාරකයන් දෙදෙනෙකු විසින් 28 හැවිරිදි පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කර ඇති බව පොලිසිය පවසයි.

ගලබොඩ පදිංචිකරුවකු වන වින්දිතයා බලපිටිය රෝහලට ගෙනගොස් ඇති අතර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබේ.

ඝාතනයට හේතුව පොලිසිය මෙතෙක් හෙළිකර ගෙන නැත.

වෙඩිතැබීමට පිස්තෝල වර්ගයේ ගිනි අවියක් භාවිත කර ඇති බවට පොලිසිය සැකකරයි.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා අම්බලන්ගොඩ පොලිසිය පරීක්ෂණ පවත්වයි.