
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බදුල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයට අනුයුක්ත කාන්තා පොලිස් කොස්තාපල්වරියක් මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීමේ චෝදනාව මත බදුල්ල නගරයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
අඹගස්දෝව පොලිසිය විසින් සිදුකරන ලද වැටළීමකදී ඊයේ (ජනවාරි 26) පස්වරුවේ ඇය අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකාරියගෙන් හෙරොයින් ග්‍රෑම් 4.2 ක් සොයා ගත් බව පොලිසිය පවසයි.
ඇය මත්ද්‍රව්‍ය බෙදාහැරීම සඳහා තබාගෙන සිටියාද යන්න සොයාබැලීම සඳහා පරීක්ෂණ ආරම්භ කර ඇත.
අත්අඩංගුවට ගත් කොස්තාපල්වරිය අද බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart