
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හරිස්චන්ද්‍ර මිල්ස් පීඑල්සී සමාගමේ සමාගමේ 51.11% ක පාලක කොටස් හිමිකාරීත්වය ස්වෙච්ඡා අර්පණයක් (voluntary offer) හරහා අත්පත් කරගැනීම සඳහා තවත් ලැයිස්තුගත සමාගමක් වන ඇම්බියන් කැපිටල් පීඑල්සී පිඹුරුපත් සකස් කර තිබේ. ඒ සිය අනුබද්ධිත සමාගමක් වන Ambeon Essentials (Private) Limited හරහා ගිවිසුමකට එළඹීමෙනි.
මෙම ව්‍යාපාර අත්පත් කර ගැනීම අදාළ නියාමන අධිකාරීන්ගේ අනුමැතියට යටත් වනු ඇත.
ඒ අනුව හරිස්චන්ද්‍ර මිල්ස් පීඑල්සී හි සියලුම කොටස්කරුවන්ගේ කොටස් හිමිකාරීත්වයන් මිල දී ගැනීම සඳහා Ambeon Essentials (Private) Limited විසින් මෙහිදී ස්වෙච්ඡා අර්පණයක් ඉදිරිපත් කරනු ඇත.
පසුගිය 2025 නොවැම්බර් මාසයේ දී මෙරට ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා පාලක කොටස් හිමිකාරීත්වය දරන හේලීස් පීඑල්සී විසින් හරිස්චන්ද්‍ර මිල්ස් පීඑල්සී හි 41%ක කොටස් හිමිකාරීත්වයක් අත්පත් කරගැනීමට කටයුතු කිරීම හා ඉන් අනතුරුව සෙසු සියලු කොටස් මිල දී ගැනීමට අනිවාර්ය අර්පණයක් නිකුත් කර තිබුණු පසුබිමක මෙලෙස තවත් සමාගමක් හරිස්චන්ද්‍ර මිල්ස් වෙනුවෙන් උනන්දු වීම විශේෂ සිදුවීමකි.
මේ සම්බන්ධයෙන් අද (26) දිනයේ දී ඇම්බියන් කැපිටල් පීඑල්සී විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත කළ දැනුම් දීම පහතින් දැක්වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart