
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ස්වීඩනයේ සිට මෙරටට පැමිණි විදේශීය සංචාරක තරුණියකට ලිංගික හිරිහැර කළ කුලී ත්‍රිරෝද රථ රියැදුරකු වනාතවිල්ලුව පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ විදෙස් ජාතික තරුණිය ස්වීඩනයේ සිට මෙරට පැමිණ කටුනායක සිට විල්පත්තුව ජාතික වනෝද්‍යානය නැරඹීමට පොදු ප්‍රවාහන බස් රථයක නැඟී පුත්තලම නගරයට පසුගිය 23දා පැමිණ ඇත.
පසුව පුත්තලමේ සිට එළුවන්කුලම දක්වා කුලී ත්‍රිරෝද රථයකින් ගමන් කර තිබේ.
කුලී ත්‍රිරෝද රථ රියැදුරු පුත්තලම පරණ මන්නාරම ඔස්සේ එළුවන්කුලම දක්වා ඇය රැගෙන යන අතරතුරදී ඇයට විටින් විට අවස්ථා කිහිපයකදී ලිංගික අඩන්තේට්ටම් කරමින් ඇයට කරදර කර ඇත.
රියැදුරු සිය ත්‍රිරෝද රථය ද අවස්ථාවකදී ඇයට පැදවීමට පුහුණු කිරීමට කටයුතු කර ඇතැයිද වනාතවිල්ලුව පොලිසිය කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
තරුණිය එළුවන්කුලම ප්‍රදේශයේ ඇය නවාතැන් ගැනීමට පැමිණි හෝටලයේ කළමනාකාරිනියට මේ බව පවසා ඇත.
හෝටලයේ කළමනාකාරිනිය ඇයත් සමඟ වනාතවිල්ලුව පොලිසියට ගොස් පැමිණිලි කිරීමෙන් අනතුරුව සැකකාර රියැදුරු සොයා අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට පත් සැකකරු පුත්තලම ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි විවාහක එක්දරු පියෙකි.
මොහු මීට පෙරද අවස්ථා කිහිපයකදීම මෙලෙස විදෙස් ජාතික කාන්තාවන්ට ලිංගික අතවර කර ඇති අයෙක් බව කියයි.
සැකකරු පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට පෙරේදා (24) ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart