
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දකුණු වෙරළට ඔබ්බෙන් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන දික්ඕවිට ධීවර වරායට ගෙන එන ලද බහුදින ධීවර යාත්‍රාවල මේ දක්වා සිදු කරන ලද පරීක්ෂණවලින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 280කට වඩා අනාවරණය වී ඇති බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර සඳහන් කරයි.
එහි ඇස්තමේන්තුගත වීදි වටිනාකම රුපියල් මිලියන 4,500 ඉක්මවයි.
අත්අඩංගුවට ගත් බහුදින ධීවර යාත්‍රා දෙක සහ සැකකරුවන් 11 දෙනා තවදුරටත් පරීක්ෂාවට ලක්කරන බව ආරක්ෂක අංශ කියයි.
දකුණු මුහුදේදී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට සැකපිට නාවික හමුදා භාරයට ගත් බහුදින ධිවර යාත්‍රා දෙක සහ සැකකරුවන් 11 දෙනා මේ වන විට දික්ඕවිට ධීවර වරායට රැගෙනවිත් ඇති බව නාවික හමුදාව පවසයි.
පොලිසිය විසින් ලබා දුන් තොරතුරකට අනුව නාවික හමුදාව විසින් දිගුදුර නෞකා යොදාගනිමින් මෙම බහුදින ධීවර යාත්‍රා දෙක සොයා විශේෂ මෙහෙයුමක් සිදුකරමින් දකුණු මුහුදේදී සැකපිට මෙම යාත්‍රා නාවික හමුදා භාරයට ගත් බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් බුද්ධික සම්පත් පැවසීය.
මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ ඉන් එක් යාත්‍රාවක පුද්ගලයන් 5දෙනෙකු සහ අනෙක් යාත්‍රාවේ පුද්ගලයන් 6දෙනෙකු සිටි බව ද නාවික හමුදාව මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart