
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
තම සැමියාට සහ ඔහුගේ අනියම් බිරිඳ බව කියන කාන්තාවකට තියුණු ආයුධ යකින් පහර දී බරපතල තුවාල සිදු කළ බව කියන කාන්තාවක අත්අඩංගුවට ගත් බව පාදුක්ක පොලිසිය පවසයි.
සැකකාර කාන්තාවගේ සැමියා තවත් කාන්තාවක සමග පාදුක්ක දේවාල පාර නිවසක සිටින බවට ලද තොරතුරක් මත, අදාළ කාන්තාව එම නිවසට ගොස් තියුණු ආයුධයකින් දෙදෙනාටම පහර දී ඇතැයි ද, පසුව තුවාලකරුවන් දෙදෙනා පාදුක්ක දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සදහා හෝමගම මූලික රෝහලට ඇතුළත් කර ඇතැයිද පොලිසිය පවසයි.
සැකකාර කාන්තාව තියුණු ආයුධ ප්‍රහාරය එල්ල කිරීමෙන් පසු මීගොඩ පොලිස් ස්ථානය වෙත පැමිණ භාර වී තිබූ බව ද එම පොලිස් වාර්තා සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart