
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රාජ්‍ය වෙසක් උත්සවය මැයි 30 වැනි දින පැවැත්වීමට රජය තීරණය කර ඇති බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න පැවසීය.
මහානායක හිමියන් බැහැදැකීමෙන් පසු ජනමාධ්‍යවේදීන් අමතමින් ඔහු පැවසුවේ, මැයි මාසයේ පුර පසළොස්වක පොහොය දින දෙකක් ඇති බැවින් 2026 දී වෙසක් දිනය සංශෝධනය කිරීම පිළිබඳව නැවත සලකාබලන ලෙස සිව් පාර්ශවවල මහානායක හිමිවරුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බවයි.
පොහොය කමිටුව විසින් මීට පෙර මැයි 1 වැනි දින වෙසක් පොහොය දිනය ලෙස තීරණය කළ බවත්, නැවත රැස්වූ පෝය කමිටුව රාජ්‍ය වෙසක් උත්සවය මැයි 30 වැනි දින පැවැත්වීමට තීරණය කළ බවත් අමාත්‍යවරයා පැවසීය.
කෙසේවෙතත්, මැයි 1 වැනි දින, පුර පසළොස්වක පොහොය දිනය ලෙස සුපුරුදු පරිදි ආගමික කටයුතුවල නිරත විය හැකි බව ඔහු පැවසූ අතර රාජ්‍ය වෙසක් උත්සවය මැයි 30 වැනි දින පවත්වන බව පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart