
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල ප්‍රධානී සහ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් ජී.කේ.ඒ. චමින්ද කුමාර කුලරත්නගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට පාර්ලිමේන්තුව තීරණය කර තිබේ.
මෙම කාරණය සම්බන්ධයෙන් විවිධ මත මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරෙමින් ඇත.
සත්‍ය වශයෙන්ම පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ගේ වැඩ තහනම් කිරීමට බලපෑ හේතුව හෝ හේතු මොනවාද?
2023 පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් සහ කාර්‍ය මණ්ඩල ප්‍රධානී තණතුරට පත් චමින්ද කුලරත්න, එම තනතුරට පත්වීමට පෙර පසුගිය ආණ්ඩුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකගේ ලේකම් ලෙස සේවය කර ඇත.
ඔහු මෙම තනතුර සදහා පත්වීමත් ස්ථීර වීමත් යන කරුණු පිළිබදව ලැබි තිබූ පැමිණිලි කිහිපයක් මත පාර්ලිමේන්තු කාර්යමණ්ඩල උපදේශන කාරක සභාවෙන් මූලික විමර්ශනයක් සිදු කිරීමට තීරණය කර ඇත.
එහිදි ඒ සදහා රාජ්‍ය පරිපාලන සේවයේ පළවැනි ශ්‍රේණියේ සේවය නියුක්තව සිටි සුදුසුකම් සහිත විමර්ශන නිලධාරියෙක් පත්කර ඇති අතර එම විමර්ශනයෙන් ඉදිරිපත් කර ඇති නිර්දේශ මත පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල උපදේශන කාරක සහාව විසින් පෙරේදා (23) දිනයේ දී නියෝජ්‍ය මහලේකම් චමින් කුලරත්න, විධිමත් විනය පරීක්ෂණය අවසන් වන තෙක් වැඩ තහනමකට ලක්කිරිමට තිරණය කර තිබේ.
ඔහුට එරෙහිව ඇති ප්‍රධාන චෝදනාව වන්නේ ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් තම තණතුර ස්ථිර කරගැනීමට කටයුතු කර තිබීමයි.
ඔහු මීට පෙර මහින්ද රාජපක්ෂක ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ විපක්ෂ නායකවරයා ලෙස සිටියදි ඔහුගේ අතිරේක ලේකම්වරයෙක් ලෙසත්, පසුගිය ආණ්ඩු සමයේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක සුසිල් ප්‍රේමජයන්තගේ සහ ප්‍රසන්න රණතුංගගේ ලේකම් ලෙසද සේවයේ යේදි ඇත.
මේ සියලු තනතුරු ආණ්ඩුවේ තාවකාලික දේශපාලන තනතුරු වන අතර ස්ථිර සේවයේ තනතුරු නොවේ.
එහෙත් තමන් රාජ්‍ය සේවයේ ස්ථීර තානතුරක් දරමින් සිටි බවට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් වසර තුනක පරිවාස කාලය ඉක්ම යන්නට ප්‍රථම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් තනතුරේ සේවයේ ස්ථීර කරගෙන ඇති බවද හෙළිවී තිබේ.
එක් අවුරුදු වැඩබැලීමේ කාලයකට යටත්ව පත්වීමක් ලබාගැනීමට කටයුතු කිරීම හා එම තනතුරට නියමිත වැටුප් පියවරයකට වඩා ඉහල වැටුප් පියවරයකට අයත් වැටුප් ලබාගැනීම හරහා රජයට මුල්‍යමය අලාභයක් සිදුකිරීම ඔහුට ඇති තවත් චෝදනාවකි.
මීට අමතරව රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ කාර්ය පටිපාටික රීති උල්ලංඝණය කිරීම පිලිබදවද ඔහුට ඉදිරිපත්ව ඇති තවත් චෝදනාවක් වශයෙන් වාර්තා වී තිබේ.
ඒ අනුව මෙම චෝදනා පිළිබදව විධිමත් පරීක්ෂණයක් සිදුකර අවසන් වන තෙක් පාර්ලිමේන්තු කාර්යමණ්ඩල උපදේශන කාරක සභාව විසින් චමින්ද කුලරත්න වැඩ තහනමකට ලක්කර තිබෙන තිබෙන අතර, එම කාලය තුල පාර්ලිමේන්තු පරිශ්‍රයට පිවිසීමද ඔහුට තහනම් කර තිබේ.
මෙම තීරණය ඊයේ (23) දින නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්නට පාර්ලිමේතුවේ මහ ලේකම් කුෂානී රෝහණදීර විසින් ලිඛිතව දැනුම් තිබෙන බවද වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart