
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙරට කම්කරු නීති උල්ලංඝණය කිරීම හේතුවෙන්, BBC ආයතනයේ සේවය කළ හිටපු ජනමාධ්‍යවේදී අසාම් අමීන් හට රුපියල් මිලියන 7කට ආසන්න සේවක අර්ථසාධක අරමුදල් (EPF) සහ අධිභාර මුදල් ගෙවීමට පියවර ගෙන තිබේ.
කොළඹ කම්කරු කාර්යාලය නිකුත් කළ නියෝගයක් අනුව, අසාම් අමීන් එම ආයතනයේ සේවය කළ කාලසීමාව තුළ අදාළ සේවක අර්ථසාධක මුදල් BBC විසින් නිසි ලෙස ප්‍රේෂණය කිරීමට අපොහොසත්වීම හේතුවෙන් ඔහුට රුපියල් 6,913,233ක මුදලක් BBC ආයතනය විසින් ගෙවනු ලැබ තිබේ.
මෙම ගෙවීම සිදුකර ඇත්තේ, අසාම් අමීන් සේවයෙන් ඉවත් කිරීම අසාධාරණ බවට මීට පෙර කම්කරු විනිශ්චය සභාව ලබා දුන් තීන්දුවකට අනුවය.
එම නඩු තීන්දුව මගින් ඔහුට රුපියල් මිලියන 4.5ක වන්දියක් ගෙවන ලෙස ද මීට පෙර නියෝග කර තිබිණි.
ඒ අනුව, මේවන විට BBC සේවය ජනමාධ්‍යවේදී අසාම් අමීන්ට රුපියල් මිලියන 12කට ආසන්න මුදලක් ගෙවීමට කටයුතු කර තිබේ.
2024 අප්‍රේල් 26 වැනි දින ලබාදුන් එම තීන්දුව මගින් කම්කරු විනිශ්චය සභාව පෙන්වා දුන්නේ, අසාම් අමීන්ගේ සේවා ගිවිසුම කාලයට පෙර සේවය අවසන් කිරීමට BBC සේවය ගත් තීරණය අතාර්කික සහ සාධාරණීකරණය කළ නොහැකි එකක් බවයි.
එසේම බීබීසී ආයතනයේ නියෝජිතයෙකු වූ ඉයන් හැඩෝ (Iain Haddow) ගේ හැසිරීම අත්තනෝමතික බව ද එහිදී සඳහන් විය.
මේ අතර, පසුගිය මාසයේදී තවත් අන්තර්ජාතික ජනමාධ්‍ය ආයතනයකට එරෙහිව පැවති නඩුවකදී, රොයිටර් (Reuters) ආයතනය ඉදිරිපත් කළ රිට් පෙත්සමක් අභියාචනාධිකරණය විසින් ප්‍රතික්ෂේප කළේය.
ඒ, ජනමාධ්‍යවේදී රංග ශ්‍රීලාල් හට හිමි විය යුතු රුපියල් මිලියන 6.2ක හිඟ EPF, පාරිතෝෂික සහ අධිභාර ගෙවීමට පනවා තිබූ නියෝගයක් අත්හිටුවන ලෙස ඉල්ලමින් Reuters ආයතනය ඉදිරිපත් කළ නඩුවක් විමසීමෙනි.
එහිදී අභියාචනාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා තීන්දු කළේ, මෙම පෙත්සම අධිකරණ ක්‍රියාවලිය අනිසි ලෙස භාවිතා කිරීමක් බවයි.
ඒ අනුව ජනමාධ්‍යවේදී රංග ශ්‍රීලාල් හට නීතිමය ගාස්තු ලෙස රුපියල් 100,000ක මුදලක් ගෙවන ලෙස ද රොයිටර් ආයතනයට නියෝග කෙරිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart