
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දිට්වා සුළි කුණාටුව අතරතුර සිදු වූ නායයෑමකින් පසුව, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිලධාරීන් පසුගිය සිකුරාදා (19) අම්බුළුවාව ප්‍රදේශයේ සම්පූර්ණ පරීක්ෂාවක් සිදුර තිබේ.
එම පරීක්ෂාව පෙ.ව. 11 සිට පැය හතකට වැඩි කාලයක් සිදුකර ඇත.
කණ්ඩායමේ පරීක්ෂා කිරීම් අම්බුළුවාව ප්‍රධාන දොරටුවෙන් ආරම්භ වී කන්දේ කොටස් කිහිපයක ඉරිතැලීම් මෙන්ම එම ස්ථානයට යන මාර්ගය දිගේ ගිලා බැසීම් සහ ඉරිතැලීම් දක්වා සිදුකර තිබිණි.
ඉන්පසු ඔවුන් ප්‍රධාන නායයෑම් සිදු වූ ප්‍රදේශවලට ගොස් කඳු පාමුල වතුපිටිය ප්‍රදේශයට යන මාර්ග ඔස්සේ තක්සේරු කිරීම් සිදු කර තිබේ.
නිවැසියන් කන්දේ ප්‍රධාන ස්ථාන වෙත නිලධාරීන්ට මඟ පෙන්වමින්, අඟල් 10ට වඩා පළල ඉරිතැලීම් පෙන්වා දී තිබිණි.
කඳු මුදුනෙන් වැටුණු බවට සැක කෙරෙන විශාල පාෂාණ බෑවුම් හරහා විසිරී තිබූ අතර, ඉහළින් වැටී ඇති බවට විශ්වාස කෙරෙන කොන්ක්‍රීට් කණුවක් ද පදිංචිකරුවන් පෙන්වා දී ඇත.
භූගත ජල උල්පත් හදිසියේ මතුවීම, මඩ සහිත ජලය පෙර නොවූ විරූ පරිමාවකින් පිටතට ගලා යෑම ද ප්‍රදේශයේ පදිංචිකරුවෝ ඉස්මතු කළහ.
පදිංචිකරුවන්ගේ සහාය ඇතිව, නිලධාරීන් අම්බුලුවාව කුළුණට පහළින් බෑවුම් සහිත කොටසකට ළඟා වී අලුතින් නිර්මාණය කරන ලද ජල උල්පත පරීක්ෂා කර තිබිණි.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ කණ්ඩායම අසල නිවාසවලට බලපාන ඉරිතැලීම් සහ නායයෑම් පරීක්ෂා කළ අතර නිවාස හිමියන්ගේ තොරතුරු සටහන් කර ගත්හ.
වතුපිටිය අසල තවත් ගම්මාන කිහිපයක අතිරේක පරීක්ෂණ ණ සිදුකර තිබිණි.
කඳු මුදුනේ ඇතැම් ඉදිකිරීම් කටයුතු අස්ථාවරත්වයට සහ නායයෑම්වලට හේතු වී ඇති බවට නිවැසියෝ කණස්සල්ල පළ කළ අතර, ඒ පිළිබඳ පුළුල් පරීක්ෂණයක් ඉල්ලා සිටියහ.
පරීක්ෂාව අතරතුර, නිලධාරීන් කුළුණ ප්‍රදේශය පරීක්ෂා කිරීමට සූදානම් වූ විට, අම්බුලුවාව පිවිසුමේ සිටි ත්‍රිරෝද රථ රියදුරෝ මාධ්‍යවේදීන් රැගෙන ගිය වාහනය අවහිර කර ඔවුන්ට තර්ජනය කරමින්, මාධ්‍යවේදීන්ට ඉදිරියට යෑමට අවසර නොදෙන ලෙස අවධාරනය කළහ.
වාහනයට පහර දීමට ද ඔවුන් උත්සාහ කර තිබූ අතර, අම්බුලුවාවේ කිසිදු ගැටළුවක් නොමැති බව පවසමින් සහ මාධ්‍ය අසත්‍ය වාර්තා ප්‍රකාශයට පත් කළ බවට රියදුරෝ චෝදනා කළහ.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිලධාරීහු අම්බුලුවාව භාරකාර මණ්ඩලයේ සාමාජිකයකු වන ජී. ඩබ්ලිව්. චන්ද්‍රරත්න සමඟ අම්බුලුවාව වැව ද පරීක්ෂා කළහ.
අතරමගදී සහ කඳු මුදුන අසලදී, නිලධාරීන් නායයෑම් ස්ථාන කිහිපයක් නිරීක්ෂණය කළ අතර, ඉන් සමහරක් මෑතකදී කොන්ක්‍රීට් සහ පස් පිරවීමෙන් වැසී ඇති බව පෙනෙන්නට තිබිණි.
පහළින්, කුළුණ ඉදිරිපිට වම් පසින් ප්‍රධාන නායයෑමක් දක්නට ලැබුණු අතර, කඳු මුදුන පුරා නායයෑම් කිහිපයක් නිරීක්ෂණය විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart