December 5, 2025

සිංගප්පූරු අධිකරණයක් ඉදිරියේ විභාග වෙමින් පැවති එක්ස්ප්‍රස් පර්ල් නඩුව තාවකාලිකව නවතා දමා ඇති බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර අද පාර්ලිමේන්තුවට පැවසීය.

ඔහු සඳහන් කළේ ලන්ඩන් අධිකරණය ඉදිරියේ ඇති නඩුව විභාග වෙමින් පවතින බවයි.

මෙරට අධිකරණ ඉදිරියේ පැවැත්වෙන නඩු විභාගය 2026 ජනවාරි 26 වැනිදාට නියමිත බව ද ඔහු අවධාරණය කළේය.