
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රට පුරා සිදුවෙමින් පවතින ආපදා ප්‍රතිසාධන කටයුතු සඳහා සහාය වීම වෙනුවෙන් තවකාලික පාලමක(බේලි පාලම) කොටස් සහ විශේෂඥ නිලධාරීන් රැගත් විශේෂ ඉන්දීය ගුවන් හමුදාවේ C-17 ග්ලෝබ්මාස්ටර් ගුවන් යානයක් අද (04) පස්වරුවේ ශ්‍රී ලංකාවට ගොඩබැස්සේය.
අද දහවල් ශ්‍රී ලංකාවට පැමිණි මෙම ගුවන් යානයෙන්, මෙහෙයුම් අවශ්‍යතා අනුව තනි දිගු දුර පාලමක් ලෙස හෝ කෙටි කොටස් කිහිපයක් ලෙස සම්බන්ධ කළහැකි බේලි පාලමක ඒකක ගෙන එන ලදී.
පසුගිය දිනවල ඇතිවූ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් පාලම් සහ ප්‍රවේශ මාර්ග දැඩි ලෙස හානි වී ඇති ප්‍රදේශවල මාර්ග සම්බන්ධතාවය යථාතත්ත්වයට පත්කිරීම සඳහා මෙම තාවකාලික පාලම යොදාගැනීමට අදහස් කෙරේ.
නිලධාරීන්ට අනුව, මෙම සහන උපකරණ හා භාණ්ඩ තොගයට පාලම් ඉදිකිරීම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය මෙන්ම බලපෑමට ලක් වූ ප්‍රදේශවල වහාම යෙදවිය හැකි අඩි 110 ක, ද්වි-මාර්ග බේලි පාලමක සැකසුමක් ඇතුළත් වේ.
ගංවතුරට ලක් වූ ප්‍රදේශවල සෙවීම්, ගලවාගැනීමේ සහ ප්‍රවාහන මෙහෙයුම් සඳහා සහාය වීම වෙනුවෙන් ඩිංගි බෝට්ටු පහක් ද මෙම භාණ්ඩ තොගයට ඇතුළත් වේ.
C-17 ග්ලෝබ්මාස්ටර් ගුවන් යානය වේගයෙන් පාලම් ඉදිකිරිම පිළිබඳ පුහුණුව ලත් 20 දෙනෙකුගෙන් යුත් ඉංජිනේරු කණ්ඩායමක් මෙන්ම වෛද්‍ය කාර්ය මණ්ඩලයේ පස්දෙනකු ද රැගෙනවිත් තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart