
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක බදාදා (04) ප්‍රකාශ කළේ ප්‍රශ්නගත බැඳුම්කර නිකුතුව සිදුවන අවස්ථාවේදී ම බැංකුව එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යටතේත් රාජ්‍ය හා වාණිජ බැංකු එවකට රාජ්‍ය ව්‍යවසාය අමාත්‍ය කබීර් හෂ්‍රීම් යටතේත් පැවැති බවයි.
ඒ අග්‍රාමාත්‍ය හරිනි අමරසුරියගේ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ස්ථාවර නියෝග 27/8 යටතේ පෞද්ගලික පැහැදිලි කිරීමක් සිදුකරමින්ය.
එම සම්පූර්ණ ප්‍රකාශය පහත පරිදි වේ.
” ගරු කතානායකතුමනි, මගේ අයිතීන් උල්ලංඝනය වීමක් සම්බන්ධයෙන් ඔබේ අවධානය යොමු කරන්නට කැමතියි. ස්ථාවර නියෝග 27/8 යටතේ මෙම බැරෑරුම් ගැටලුව පිළිබඳව මම පෞද්ගලික පැහැදිලි කිරීමක් කරනවා.
ගරු අගමැතිතුමියට මම කියන්න ඕනේ මේ එතුමිය සම්බන්ධ දෙයක් නොවන බව. මේ මට සිදුවූ අසාධාරණයක් පිළිබඳව නිරාකරණය කිරීමක් සහ පිළිතුරු දීමක්. වරප්‍රසාදයක් නොව පෞද්ගලික පැහැදිලි කිරීමක්
ගරු කතානායකතුමනි, 2025 නොවැම්බර් 26 වෙනිදා මේ සභාවට පිළිතුරක් දෙන අවස්ථාවේ වසර පහක් පුරාවට නීති කටයුත්තක්ව පවතින 2015 බැඳුම්කර ගැටලුව සම්බන්ධයෙන් ගරු අගමැතිතුමිය අදහස් දැක්වූවා. මට ඇති අමාත්‍යාංශ වගකීමක් පිළිබඳවත් ප්‍රකාශයක් කළා. එය වැරදි නොමග යවන සුළු මෙන්ම මගේ කීර්ති නාමයට දැඩි ලෙස හානියකුත් සිදුකරන ප්‍රකාශයක්. එහිදී ගරු අගමැතිතුමිය ප්‍රකාශ කළා මහා බැංකු බැඳුම්කර ගනුදෙනුව පිළිබඳව ජනාධිපති විමර්ශන කොමිසම දුන් නිර්දේශ ඊට සම්බන්ධ වූ පුද්ගලයින් මත ක්‍රියාත්මක විය යුතුය යන්න ඇගේ ස්ථාවරය බව. ඒ තමයි අගමැති වරියට යොමු කළ දෙවන ප්‍රශ්නය. නමුත් ඊට පිළිතුරු දීම වෙනුවට ඇය වෙනත් දෙයක් ප්‍රකාශ කර තිබෙනවා.
ඇය එවකට මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා යටතේ සෘජුවම මහ බැංකුව තිබූ බවට ප්‍රකාශ නොකළත් ඇය දුන් පිළිතුරෙන් හැඟුණේ, එම කාලය තුළදී මහ බැංකුව සම්බන්ධ අමාත්‍යාංශ වගකීම මට පැවරුණු බවයි. මෙම ප්‍රකාශය වැරදියි. එය ජනාධිපති විමර්ශන කොමිෂන් සභා වාර්තාවේ නොමැති සහ ව්‍යවස්ථාවේ 44/1 යටතේ නිකුත් කළ නිල ගැසට් නිවේදනයටත් පටහැනි දෙයක්.
අගමැතිතුමියගේ ප්‍රකාශයේ බැඳුම්කර ගනුදෙනුව සිදුවී ඇති කාලය තුළ මම අදාළ අමාත්‍යවරයා බවට අඟවන දෙයක් කියවුනා. ඉන් හැඟුනේ වාණිජ බැංකු සම්බන්ධ බලධාරියා මම බවයි. එය වැරදි ප්‍රකාශයක්. එය මගේ තනතුර පිළිබඳව වැරදි අදහසක් ගෙන දෙන්නක්. ඒ වගේම එය මේ සභාව නොමඟ යවන්නක්. ඊට අමතරව දැනට තියෙන නඩු කටයුතු වලටත් බලපෑමක්.
ගරු කතානායකතුමනි, මා මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කරන කාලය තුළ කිසිවිටකත් මට මහ බැංකු විෂය පථයේ දී තිබුණේ නෑ. මේ තමයි මම මේ දේ කියන පළමු අවස්ථාව. කිසිවිටක මට ව්‍යවස්ථාමය – පරිපාලනමය කටයුතු පැවරුනේ නෑ. මුළු ඉතිහාසයේම සැමවිටම මහා බැංකු විෂය පථය මුදල් අමාත්‍යවරයා යටතේ තමයි පැවතුනේ. නමුත් මගේ අමාත්‍ය ධූර කාලයේදී එය එසේ වූයේ නෑ. මගේ දුර කාලයේදී ශ්‍රී ලංකා මහ බැංකුව හෝ මූල්‍ය මණ්ඩලය හෝ එහි රෙගුලාසිමය කටයුතු පිළිබඳව කිසිවිටෙකත් මම බලධාරීත්වයක් දැරුවේ නෑ. එම කාලය තුළ මේ සම්බන්ධ අමාත්‍යාංශ අධිකාරිය පවරා තිබුණේ එවක අග්‍රාමාත්‍ය සහ ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මහතාටයි.
කැබිනට් වාර්තා, ගැසට් වාර්තා සහ චක්‍රලේඛ හරහා මේ කටයුතු කිසිදු සැකයකින් තොරව තහවුරු වෙනවා.
ඒ වගේම ඒ කාලය තුළ වාණිජ බැංකුවල අධිකාරිමය බලය රාජ්‍ය ව්‍යවසාය අමාත්‍ය කබීර් හෂින් මහතාටයි. ඔහුට සම්බන්ධ විෂයයන් තුළට රාජ්‍ය බැංකු, වාණිජ බැංකු, මහජන බැංකුව හා ලංකා බැංකුව, ජාතික ඉතිරිකිරීමේ බැංකුව, කුඩා හා මධ්‍ය ව්‍යවසාය බැංකු මෙන්ම බැංකු අධිකාරිමය කටයුතුත් ඇතුළත් වෙලා තිබුණා.
මම ප්‍රකාශ කළ යුතුයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විවිධ අවස්ථාවල මේ ගැන සඳහන් කරලා තියෙනවා. ඒ ආකාරයේ අවසන් සඳහන් කිරීම සිදු වුණේ 2025 මැයි 02 වෙනිදා. එදින මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු කියා සිටියා මෙහි සම්පූර්ණ වගකීම තමන් සතු බව.
මම තව දෙයක් කියන්න ඕනේ. ගරු සුනිල් හඳුන්නෙත්ති එවකට කමිටු සභාපතිවරයා ලෙස කටයුතු කළා. ඔහුත් මා මේ ප්‍රකාශ කළ දේ සම්බන්ධයෙන් සාක්ෂි දරාවි.
අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ ගරු අග්‍රාමාත්‍යතුමිය එදා පැවසුවා ඇගේ පිළිතුර ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවෙන් දුන් නිර්දේශ මත පදනම් බව. එය වැරදි සහ නොමග යවන සුළු ප්‍රකාශයක්. ජනාධිපති විමර්ශන කොමිෂන් සභා වාර්තාවේ කිසිම තැනක මම වැරදිකරු බවක් සඳහන් වන්නේ නෑ. ස්තුතියි ගරු කතානායකතුමනි.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart