December 4, 2025

ආපදාවෙන් පීඩාවට පත් ප්‍රජාවන්ට සහන සැලසීමේ කටයුතුවල නිරතවෙමින් සිටියදී මියගිය ගෲප් කපිතාන් නිර්මාල් සියඹලාපිටියට ජනාධිපති අනුර කුමාර දිසානායක අවසන් ගෞරව දැක්වීය.

වෙන්නප්පුව, ලුණුවිල ප්‍රදේශයේ මෑතකදී සිදුවූ හෙලිකොප්ටර් අනතුරින් ගෲප් කපිතාන් නිර්මාල් සියඹලාපිටිය මියගියේය.

ගෲප් කපිතාන් සියඹලාපිටියගේ දේහය තැන්පත් කර ඇති රත්මලානේ පිහිටි නිවසට අද ජනාධිපතිවරයා ගොස් අවසන් ගෞරව දැක්වීය.

ගුවන් නියමුවාගේ බිරිඳ, දෙමාපියන්, සහෝදර සහෝදරියන් මෙන්ම පවුලේ අනෙකුත් අයට ද ඔහු සිය හෘදයාංගම ශෝකය පළකළේය.

අමාත්‍ය නලින්ද ජයතිස්ස සහ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තාද මෙම අවස්ථාවට සහභාගී වූහ.