
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ආපදාවට ලක්වූ ප්‍රදේශවල මාර්ග පිළිසකර කරමින් තිබිය දී විශාල වශයෙන් සහන කණ්ඩායම් පැමිණීම එම කාර්යයට බාධාවක් වී ඇතැයි පොලීසිය පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරි එෆ්. යූ. වුට්ලර් සඳහන් කර සිටියේ, එම සහන කණ්ඩායම් සිදුකරන මෙහෙවරට තම ගෞරවනීය ස්තූතිය පළකරන බවය.
කෙසේවෙතත් ඇතැම් දිස්ත්‍රික්කවල මාර්ග අලුත්වැඩියා කටයුතු සිදුකරන ප්‍රදේශවලට විශාල වාහන ප්‍රමාණයක් පැමිණීම එම කටයුතුවලට බාධාවක් බවත් එමෙන්ම ඇතැම් යතුරුපැදිකරුවන් පැමිණ ආපදාවට ලක්වූ ස්ථාන නිරීක්ෂණය කරමින් එම ස්ථාන වීඩියෝගත කිරීම හේතුවෙන් අදාළ ස්ථානවල රාජකාරි සිදුකරන පිරිසට එය බාධාවක් වී ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.
එලෙස පැමිණෙන පිරිසට ද මෙම තත්ත්වය අවදානම් බව ද සඳහන් කර සිටින පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා, සහන කණ්ඩායම් අදාළ ප්‍රදේශවල කොට්ඨාස භාර ස්ථානාධිපතිවරු සම්බන්ධ කරගනිමින් අදාළ සහනයන් ජනතාවට ලබාදීමට කටයුතු කරන ලෙස දැනුම්දෙයි.
ආපදා මෙහෙයුම් මැදිරිය අමතා එම සහන ලබාදීමට කටයුතු කරන ලෙසත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලීමක් කරයි.
පොලිස් විශේෂ මෙහෙයුම් මැදිරියේ දුරකථන අංක :
071- 8595884
071- 8595883
071- 8595882
071- 8595881
071- 8595880
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart