December 2, 2025

ගංවතුර සමග පැතිරෙන ‘ලෙප්ටොස්පයිරෝසිස්’ (මී උණ) හඳුනාගෙන වහා ප්‍රතිකාර නොකළහොත් මාරාන්තික වියහැකි බවට සෞඛ්‍ය අමාත්‍යංශයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය අනතුරු අඟවයි.

මෙහිදී රෝගය වැළඳීමේ අවදානම් කාණ්ඩ ලෙස සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පෙන්වාදෙන්නේ, ගංවතුරට ලක්වූ අය, ගංවතුර ආධාර සැපයීමට යන අය, ගංවතුර අතුරතුර වගා කටයුතුවල නිරතවූ අය යන පිරිස් ය.

මී උණ රෝගයේ රෝග ලක්ෂණ වන්නේ දරුණු හිසරදය, තද උණ, ඇස් රතු පැහැ ගැන්වීම, සම හෝ ඇස් කහ පැහැ ගැන්වීම සහ පාද මස් ගොබවල අධික වේදනාවයි.

මෙම රෝග ලක්ෂණ ඇත්නම් වහාම රජයේ රෝහලක් වෙත යොමුවන ලෙස සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටී.