
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාවට බලපෑ දරුණු සුළි කුණාටුව හේතුවෙන් සිදුව ඇති හානියේ බරපතලකම සැලකිල්ලට ගනිමින්, විදේශීය දුම්රිය ඉංජිනේරු සමාගම් සහ අන්තර්ජාතික ආපදා ප්‍රතිචාර ආයතනවලින් වහාම සහාය ලබා ගන්නා ලෙස ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටී.
එම සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර ජයසේකරගේ අත්සනින් ජනාධිපතිවරයා වෙත යුමුකර ඇති ලිපියක අවධාරණය කර ඇත්තේ,
විදේශීය තාක්ෂණික විශේෂඥතාව, දියුණු යන්ත්‍රෝපකරණ සහ වේගවත් යෙදවීමේ හැකියාවන්, මාර්ග ප්‍රතිසංස්කරණය කිරීම, බැමි ස්ථාවර කිරීම, පාලම ප්‍රතිසංස්කරණය කිරීම සහ සංඥා සහ සන්නිවේදන පද්ධති නැවත සක්‍රිය කිරීම සඳහා අත්‍යවශ්‍ය වන බවයි.
එම ලිපියේ මෙසේද සඳහන් කර ඇත.
‘වර්තමානයේ, සීමිත දුම්රිය වාර ගණනක් පමණක් ක්‍රියාත්මක වන අතර, ඉන් මුහුදු බඩ මාර්ගය ප්‍රධාන ක්‍රියාකාරී මාර්ගය වේ. සිදුව ඇති හානියේ බරපතලකම සැලකිල්ලට ගනිමින්, විදේශීය දුම්රිය ඉංජිනේරු සමාගම් සහ ජාත්‍යන්තර ආපදා ප්‍රතිචාර ආයතනවලින් වහාම සහාය ලබා ගන්නා ලෙස සංගමයක් වශයෙන් අපි රජයෙන් ඉල්ලා සිටින්නෙමු. ඔවුන්ගේ තාක්ෂණික විශේෂඥතාව, දියුණු යන්ත්‍රෝපකරණ සහ වේගවත් යෙදවීමේ හැකියාවන්, මාර්ග ප්‍රතිසංස්කරණය කිරීම, බැමි ස්ථාවර කිරීම, පාලම ප්‍රතිසංස්කරණය කිරීම සහ සංඥා සහ සන්නිවේදන පද්ධති නැවත සක්‍රිය කිරීම සඳහා අත්‍යවශ්‍ය වේ.
එසේම, හැකි සියලුම දුම්රිය මාර්ග අදියර වශයෙන් සහ ආරක්ෂිතව නැවත විවෘත කිරීමේ වැදගත්කම ද අපි අවධාරණය කරන්නෙමු. විශේෂයෙන්, වහා ම ප්‍රතිසංස්කරණය කළ හැකි කොටස්වල මෙහෙයුම් නැවත ආරම්භ කිරීම සඳහා ප්‍රමුඛතාවය දිය යුතු ය. උදාහරණයක් ලෙස, කළ යුත්තේ සම්පුර්ණ අළුත්වැඩියාවන් සිදු කරන තෙක් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය අත්හැර දැමීම නොව, බදුල්ල නානුඔය දුම්රිය ස්ථාන අතර නවතා ඇති දුම්රියයන් උපයෝගී කර අවම වශයෙන් විදේශීය සංචාරකයින් ඉලක්ක කරගනිමින් දුම්රිය ධාවනය කරවීමයි.සංචාරක කර්මාන්තය නැවත පණ ගැන්වීමට එය මහත් රුකුලක් වනු ඇත.’

Adding {{itemName}} to cart
Added {{itemName}} to cart