
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සිය දරුවාට තියුණු ආයුධයකින් පහරදී පොලිස් නිලධාරීන්ටද පහරදුන් පුද්ගලයකු මදුරන්කුලිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් හදිසි ඇමතුම් අංශයට කාන්තාවකට පහරදෙන බවට ලද පැමිණිල්ලක් විමර්ශනය කිරීම සඳහා මදුරන්කුලියේ ජින්නවත්ත ප්රදේශයට ගිය පොළිස් නිලධාරීන් මෙලෙස පහරකෑමට ලක් වී තිබෙන බව පොලීසිය පවසයි.
එම අවස්ථාවේදී පොලිස් නිලධාරීන් සැකකරු අත්අඩංගුවට ගැනීමට සූදානම්වීමේදී, සැකකරු විසින් දරුවා ප්රාණ ඇපයට ගෙන තියුණු ආයුධයකින් දරුවාගේ පිට ප්රදේශය කපා තුවාල කර ඇත.
මහත් පරිශ්රමයක් යෙදූ පොලිස් නිලධාරීන් දරුවා බේරාගෙන පුත්තලම රෝහලට ඇතුළත් කර ඇති අතර, පහර කෑමෙන් තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරයකු ද ප්රතිකාර සඳහා රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය වැඩිදුරටත් පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart