
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සටහන් පොත්වල අසත්‍ය තොරතුරු ඇතුළත් කර කූඨ ලේඛන සැකසූ පොලිස් සැරයන්වරයකු මහනුවර විශේෂ අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොත්තපිටිය පොලිස් ස්ථානයේ උසාවි අවශ්‍ය රාජකාරි කරමින් සිටි මෙම පොලිස් සැරයන්වරයා, සැකකරුවන්ගේ විස්තර සහ දඩ මුදල් ලබාගත් බවට ව්‍යාජ සටහන් යොදා ඇති බව අනාවරණය වී ඇත .
දඩ මුදල් සැකකරුවන්ගෙන් ලබාගෙන ඔහු පෞද්ගලික පරිහරණයට යොදාගෙන ඇති අතර එම සම්බන්ධයෙන්ද තොරතුරු විමර්ශනයේ දී හෙළි වී තිබේ.
වැටළීම් සිදු කළපොලිස් නිලධාරීන් ත්‍යාග මුදල් ලබාගැනීමට නඩු අංක ඉදිරිපත් කිරීමේ දී මෙම කරුණු අනාවරණය වී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart