
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
විද්වත් කමිටුවේ නිර්දේශවලට අනුව, කොවිඩ්-19ට ගොදුරුවී මරණයට පත්වූ මුස්ලිම් ජාතිකයන්ගේ සිරුරු ආදාහනය කළ ඥාතීන්, අදාළ විශේෂඥ කමිටුවේ සාමාජිකයන්ට එරෙහිව නඩු පැවරීමට සූදානම් වන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් පවසයි.
කොවිඩ්-19 වෛරසයට ගොදුරු වූවන්ගේ සිරුරු මිහිදන් නොකළ යුතු බවත්, ඒවා ආදාහනය කළ යුතු බවටත් එම කමිටුවේ සාමාජිකයන් නිර්දේශ කර ඇති බව ඔහු පාර්ලිමේන්තුවේදී පෙන්වාදුන්නේය.
අනෙකුත් රටවල් වෙනත් තීරණයක් ගෙන තිබියදී, කිසිදු විද්‍යාත්මක පදනමකින් තොරව මෙම නිර්දේශ ඉදිරිපත් කර ඇති බවද ඔහු පැවසීය.
විද්වත් කමිටුවේ සාමාජිකයින් මුස්ලිම් ප්‍රජාවට එරෙහිව ද්වේෂ සහගත අපරාධයක් කර ඇති බවත්, කොවිඩ්-19 ට ගොදුරු වූ මුස්ලිම් ජාතිකයින්ගේ සිරුරු ආදාහනය කළ ඥාතීන් විසින් කමිටු සාමාජිකයන්ට එරෙහිව නඩු පවරන බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
(Daily Mirror)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart