November 21, 2025

කැන­ඩාවේ රැකියා ලබාදෙන බව පව­ස­මින් පුද්ග­ල­යන් කිහි­ප­දෙ­න­කු­ගෙන් රුපි­යල් කෝටි­ය­කට ආසන්න මුද­ලක් ලබාගැනීම හා මෝටර් රථ­යක් මීල­දී­ගෙන ඒ සඳහා රුපි­යල් ලක්ෂ 40ක් මුදල් වෙනු­වෙන් අගරු චෙක්ප­තක් ලබාදීම ඇතුළු වැරදි කීප­යක් සම්බ­න්ධ­යෙන් පොලී­සි­යට කට්ටි පනි­මින් සිටි චීව­ර­ධා­රි­යකු ඊයේ (19) උදෑ­සන අත්අ­ඩං­ගු­වට ගෙන ඇත.

මොර­ග­හ­හේනේ පිහිටි විහා­ර­ස්ථා­න­යක සැඟව සිටි­යදී බණ්ඩා­ර­වෙල විශේෂ අප­රාධ විම­ර්ශන අංශයේ නිල­ධා­රීන් පිරි­සක් විසින් මෙම පුද්ගලයාව අත්අ­ඩං­ගු­වට ගත් බව බණ්ඩා­ර­වෙල පොලී­සිය පව­සයි.

අත්අ­ඩං­ගු­වට ගෙන ඇත්තේ 57 හැවි­රිදි චීව­ර­ධා­රි­යෙකි.

මෙම චීව­ර­ධා­රියා ප්‍රදේ­ශයේ පුද්ග­ල­යන් සිවුදෙන­කුට කැන­ඩාවේ රැකියා ලබා දෙන බව පවසා රුපි­යල් 9, 830,000 මුද­ලක් වංචා සහ­ගත ලෙස ලබාගෙන ඇති අතර, ලක්ෂ 40ක් වටිනා අගරු චෙක්ප­තක් ලබා දී මෝටර් රථ­යක්ද මිලදී ගෙන ඇතැයි පොලී­සිය සඳ­හන් කරයි.

මෙම චීව­ර­ධා­රියා තමන් වැඩ සිටි විහා­ර­ස්ථා­න­යෙන් පිටව ගොස් වෙනත් විහා­ර­ස්ථා­න­යක සැඟව සිටි­යදී පොලී­සිය වෙත ලද තොර­තු­රක් මත මෙසේ ඊයේ (19) උදෑ­සන අල්ලා­ගෙන ඇත.

සැක­කරු ඊයේ (19) දින බණ්ඩා­ර­වෙල මහේ­ස්ත්‍රා­ත්ව­රයා වෙත ඉදි­රි­පත් කිරී­මට නිය­මි­තව තිබිණි.