November 8, 2025

ජාතික ජන බලවේගය පාලනය කරන සොරණාතොට ප්‍රාදේශීය සභාවේ අයවැය පළමුවර කියවීම ඊයේ ඡන්ද තුනකින් පරාජය විය.

සභාව සභාපති අශෝක කීර්ති ජයලත්ගේ ප්‍රධානත්වයෙන් රැස්විය.

එහිදී අයවැය ඉදිරිපත් කරන ලදී.

ජාතික ජන බලවේගයේ සාමාජිකයින් පස්දෙනා අයවැයට පක්ෂව ඡන්දය දුන් අතර විපක්ෂ මන්ත්‍රීවරු ඊට විරුද්ධව ඡන්දය දුන්හ.

කෙසේවෙතත්, ඡන්දය ප්‍රකාශ කරන අවස්ථාවේ සාමාජිකයන් තිදෙනකු පැමිණ සිටියේ නැත.