
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාසල් වයසේ පසුවන පිරිමි ළමුන් තිදෙනකු අපයෝජනයට ලක්කිරීමේ චෝදනාව මත චීවරධාරියකු අත්අඩංගුවට ගෙන ඇතැයි අඟුරුවාතොට පොලිසිය පවසයි.
මෙම සිද්ධිය අනාවරණය වන්නේ එක් සිසුවකු සතියක් පුරා පාසලට නොපැමිණීම හේතුවෙනි.
මේ පිළිබඳව පංතියේ පන්තිභාර ගුරුතුමිය විදුහල්පතිවරයා දැනුවත් කර ඇති අතර ඊළඟ සතියේ දරුවා පාසලට පැමිණීමෙන් අනතුරුව විමසීමේදී මෙම සිදුවීම අනාවරණය වී ඇත.
සැකකාර චීවරධාරියා විසින් මෙම දරුවා ඇතුළු දරුවන් තිදෙනකු විදුහලට පැමිණීම ගැන අවධානයෙන් සිට විදුහල ඉදිරිපිටට පැමිණ මෝටර් රථයකින් දරුවන් රැගෙන ගොස් මුදල් ලබාදී අපයෝජනයට ලක් කර පාසල් ඇරෙන වේලාවට නැවත පාසල් අසලට ගෙනවිත් දමන බව දරුවන් විසින් පවසා තිබේ.
එක් අවස්ථාවක දරුවන් දෙදෙනකු එක මොහොතේ අපයෝජනයට ලක්කර ඇති බව අනාවරණය වී ඇත.
පසුව විදුහල්පතිවරයා විසින් අඟුරුවාතොට පොලිසිය දැනුවත් කිරීමෙන් අනතුරුව සූක්ෂම ලෙස මේ පිළිබඳ සියලු තොරතුරු එක්රැස් කර, අනතුරුව දරුවන්ගේ මාපියන්ගෙන් මේ පිළිබඳව විමසීමේදී ඔවුන් පවසා ඇත්තේ දරුවා පාසල් යන බවත් මේ පිළිබඳ කිසිදු තොරතුරක් නොදන්නා බවත්ය.
චීවරධාරියා විසින් දරුවන් තිදෙනකුට හා විහාරස්ථානයේ සාමනේර හිමියන්ට ද මුදල් ලබාදී වරින් වර අපයෝජනයට ලක් කර ඇති බවත්, සාමණේර හිමියන් මසකට පනස් දහසකට ආසන්න මුදලක් වැයකර ප්‍රදේශයේ වෙළෙඳසල්වලින් විසිතුරු භාණ්ඩ හා ටොෆි චොකලට් ද මිලදී ගෙන ඇති බවත් අනාවරණය වී ඇත.
සැකකාර චීවරධාරියා අඟුරුවාතොට පොලිසිය මගින් හොරණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.(දිවයින)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart