
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන්ගෙන් ‘අත්තිකාරම් පුද්ගල ආදායම් බද්ද’ අයකිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ගෙන තිබෙන තීරණය පිළිබඳ ගැටලුව ඊට සම්බන්ධ සියලු පාර්ශ්වය එක්ව සාකච්ඡා කර විසඳාගැනීම සුදුසු බව අභියාචනාධිකරණය අද දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල්වරයාට යෝජනා කෙරිණි.
ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ක්‍රිකට් ක්‍රීඩකයින්ගෙන් අදාළ බද්ද අයකිරීමට ගෙන තිබෙන තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක ධනංජය ද සිල්වා සහ එක්දින කණ්ඩායමේ නායක චරිත් අසලංක විසින් ඉදිරිපත් කර තිබෙන රිට් පෙත්සමක් අද විභාගයට ගත් අවස්ථාවේදී අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය මෙම යෝජනාව සිදුකළේය.
මෙම පෙත්සම් අද විභාගය සඳහා අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රෝහන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරුවන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබිණි.
එම අවස්ථාවේදී අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා සඳහන් කරන ලද්දේ, මෙම ගැටලුව මෙම සිද්ධියට සම්බන්ධ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ පාර්ශ්වය, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, නීතිපතිවරයා සහ දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල් එක්ව සාකච්ඡා කර විසඳා ගැනීම සුදුසු බවයි.
රජයට බදු ආදායම් අයකර ගැනීම වැදගත් වනවා මෙන්ම මෙය ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම හා සම්බන්ධ ගැටළුවක් නිසා මෙම බදු අර්බුදය සාකච්ඡා මාර්ගයෙන් විසඳාගැනීමට ඇති හැකියාව සොයාබලන ලෙස මෙහිදී විනිසුරුවරයා දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල්වරයා වෙනුවෙන් පෙනීසිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මනෝහර ජයසිංහට යෝජනා කළේය.
තමා මෙහිදී ක්‍රිකට් ක්‍රීඩකයන්ට පක්ෂපාතිව කටයුතු නොකරන බව සඳහන් කළ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා ජාතික ක්‍රිකට් ක්‍රීඩකයන් යනු ශ්‍රී ලංකාවේ කීර්තියට දායකත්වයක් ලබාදෙන පිරිසක් බැවින් ඒ සම්බන්ධයෙන් සලකා බලන ලෙසත් ඔහු සිය යෝජනාව තුළින් සඳහන් කර සිටියේය.
මෙහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනීසිටි නීතීඥ නිශාන් ප්‍රේමතිරත්න අධිකරණය හමුවේ කරුණු දක්වමින් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ක්‍රිකට් ක්‍රීඩකයන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ස්ථිර සේවකයන් නොවන බව සඳහන් කළේය.
තම සේවාදායකයන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ කටයුතු කරන්නේ කොන්ත්‍රාත් පදනම යටතේ බවත්, ඔවුන්ට සේවක අර්ථසාධක අරමුදලේ හෝ සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදලේ හිමිකමක් නොමැති බවත් නීතිඥවරයා පෙන්වාදුන්නේය..
ජාතික කණ්ඩායමේ ක්‍රිකට් ක්‍රීඩකයන් ස්වාධීන සේවා සපයන්නන් බව පෙන්වාදුන් නීතිඥ ප්‍රේමතිරත්න, එසේ තිබියදී අදාළ ක්‍රීඩකයන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ස්ථිර සේවකයන් ලෙස නිගමනය කරමින් ඔවුන්ගෙන් අදාළ බදු අයකිරීමට දේශීය ආදායම කොමසාරිස් ජෙනරාල්වරයා ගනු ලැබූ තීරණය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවත් කියාසිටියේය.
ඉන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් පෙනීසිටින ජනාධිපති නීතිඥ කුවේර ද සොයිසා අධිකරණය හමුවේ කරුණු දක්වමින්, ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ක්‍රිකට් ක්‍රීඩකයන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ස්ථිර සේවකයන් නොවන බව පැවසුවේය.
එසේ තිබියදී අදාළ ක්‍රීඩකයින් පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් කරුණු විමසීමකින් තොරව ඔවුන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ස්ථිර සේවකයන් වශයෙන් නිගමනය කිරීමට දේශීය ආදායම් කොමසාරිස් ජෙනරල්වරයක් ගනු ලැබූ තීරණය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවත් එය අත්තනෝමතික තීරණයක් බවත් ජනාධිපති නීතිඥවරයා චෝදනා කළේය.
එමනිසා මෙම කරුණු සම්බන්ධයෙන් දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල්වරයා අවධානය යොමුකළ යුතු බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වාදුන්නේය.
දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අභියාචනාධිකරන විනිසුරු මඩුල්ල, මෙම ගැටලුව සියලු පාර්ශ්ව එක්ව සාකච්ඡා කර යළි සලකා බලා තීරණයක් ගැනීම සුදුසු බව සඳහන් කෙරිණි.
කෙසේවෙතත් මෙම පෙත්සම වැඩිදුර විභාගය සඳහා ලබන 18 වැනිදා කැඳවන ලෙසත් විනිසුරු මඩුල්ල නියෝග කර සිටියහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart