
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා සම්භවයක් සහිත ඕස්ට්‍රේලියානු පාපන්දු ක්‍රීඩිකාවක් වන ජසින්තා ගලබඩආරච්චි පසුගියදා පෘතුගාලයේ ක්‍රීඩා සමාජයක් (Sporting CP) සමඟ ගිවිසුමක් අත්සන් කර ඇත.
ලොව පිළිගත් පාපන්දු තරුවක් වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ, වෘත්තීය ක්‍රීඩා සමාජය වන Sporting CP සමාජයේ කාන්තා පාපන්දු කණ්ඩායමට එක්වීමට ඇයට හැකිවීම විශේෂ කරුණක් වේ.
ලිස්බන්හි පිහිටා ඇති Sporting CP හා සම්බන්ධවීමට පෙර, ඇය Celtic Sports Club කණ්ඩායම සිය දස්කම් ප්‍රදර්ශනය කර ඇති අතර, එහිදී ඇය තරඟ 25කදී ගෝල 15ක් රැස්කරගෙන තිබේ.
ඇයගේ විශිෂ්ට දස්කම් නිසා පසුගිය වසරේ ස්කොට්ලන්තයේ “නැගී එන ක්‍රීඩිකාව” සහ “වසරේ ක්‍රීඩිකාව” ලෙස ගෞරවයට පාත්‍ර වූවාය.
ජසින්තා ගලබඩආරච්චිගේ පියා ශ්‍රී ලාංකිකයෙක් වන අතර, මව ආර්ජන්ටිනා ජාතික කාන්තාවකි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart