
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග ඩොමිනිකා හි පැවති පළමු ටෙස්ට් තරගය ඉනිමකින් සහ ලකුණු 141කින් ජය ගැනීමට ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම සමත් විය.
මෙම තරගයේදී මංගල ටෙස්ට් ශතකය රැස් කරමින් ලකුණු 171කට යසස්වි ජයිස්වාල් දැවීගියේ, මංගල තරයේදී ලකුණු 150 සීමාව පසුකළ තුන්වන ඉන්දීය පිතිකරුවා බවට පත්වෙමිනි.
තරගයේ වීරයා සම්මානයද ජයිස්වාල්ට හිමිවූ අතර එවැනි සම්මානයක් මංගල තරගයේදී හිමිකරගත් 08වැනි ඉන්දීය ක්‍රිකට් තරුව ලෙසද ජයස්වාල් ඉන්දීය ක්‍රිකට් ක්‍රිකට් ඉතිහාසයට එක්විය.
ඩොමිනිකා හි පැවති මෙම තරගයේ පළමු ඉනිම සදහා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ සියලුදෙනා ලකුණු 150කට දවාගැනීමට ඉන්දීය පන්දු යවන්නෝ සමත්වූහ.
අනතුරුව පළමු ඉනිම ක්‍රීඩාකළ ඉන්දීය කණ්ඩායම කඩුලු 05ක් බිඳවැටී ලකුණු 421ක් ලබා සිටියදී සිය ඉනිම අත්හිටවනු ලැබීය.
ඉන්පසු දෙවැනි ඉනිම ආරම්භ කළ බටහිර ඉන්දීය කොදෙව්වන්ට පිටිය තුළ ස්ථාවරවීමට ඉන්දීය පන්දුයවන්නන් යළිත් ඉඩක් ලබාදුන්නේ නැත.
ඒ අනුව කොදෙව්වන්ගේ දෙවැනි ඉනිම ලකුණු 130කට සීමාවිය.
තරගය පුරා දක්ෂ පන්දු යැවීමක නිරතවූ රවිචන්ද්‍රන් අශ්වින් කඩුලු 12ක් දවාගත්තේ සිය ටෙස්ට් දිවියේ කඩුලු 10ට වැඩි අවස්ථා 08ක් සනිටුහන් කරමිනි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart