
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජනාධිපති මන්දිරය, අරලියගහ මන්දිරය, අගමැති කාර්යාලය සහ ජනාධිපති ලේකම් කාර්යාලය ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රදේශයට ගෙන ඒම සඳහා ලබන වසරේ අයවැයෙන් මුදල් වෙන් කිරීමට රජය අදහස් කරන අතර, එම ගොඩනැගිලි කොළඹ උරුම චතුරශ්‍රය ලෙස සංචාරක ව්‍යාපාරය සඳහා සංවර්ධනය කරනු ලබන බව නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණතුංග පවසයි.
“රජය අයවැයෙන් සම්පූර්ණ කාර්යය සඳහා මුදල් වෙන් කිරීමට බලාපොරොත්තු වෙනවා. නාගරික සංවර්ධන අධිකාරිය ඒ සම්බන්ධයෙන් කටයුතු කරගෙන යනවා” යැයි ඇමැතිවරයා සඳහන් කරයි.
නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමේෂ් හේරත් සඳහන් කරන ආකාරයට මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රධාන සැලැස්මක් දැන් සකස් කරමින් තිබේ.
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ පාලන කාලයේ පාර්ලිමේන්තු සංකීර්ණයට ආසන්නයේ මාදිවෙල ප්‍රදේශයේ ජනාධිපති මන්දිරය ඉදිකිරීමේ සැලැස්ම මෙම ව්‍යායාමයේදී යළි පණ ගන්වන බවද ඔහු පවසයි.
ආරක්ෂක අංශ සම්බන්ධ කර ගනිමින් නාගරික සංවර්ධන අධිකාරිය මෙම ව්‍යාපෘතිය සඳහා ශක්‍යතා අධ්‍යයනය සිදු කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart