
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කැනඩාව සමඟ සිදුකරන සියලු වෙළඳ සාකච්ඡා වහාම අවසන් කරන බව නිවේදනය කර ඇත.
ඊට හේතු වී ඇත්තේ ට්‍රම්ප් විසින් පනවා ඇති තීරුබදු විවේචනය කරමින් කැනඩාව ප්‍රචාරය කළ වෙළඳ දැන්වීමක් බව වාර්තා වේ.
කැනඩාවේ ඔන්ටාරියෝ ප්‍රාන්ත රජය විසින් අනුග්‍රහය දක්වන ලද මෙම දැන්වීම, ට්‍රම්ප්ගේ පූර්වගාමියකු වූ එක්සත් ජනපද ගතානුගතිකවාදයේ නිරූපකයක් ලෙස සැලකෙන හිටපු ජනාධිපති රොනල්ඩ් රේගන්ගේ ප්‍රකාශයක් උපුටා දැක්වීමකි.
ට්‍රම්ප් පරිපාලනය පවසන්නේ කැනඩාව එම ප්‍රකාශය විකෘති කර ප්‍රචාරය කර ඇති බවයි.
තීරුබදු සෑම ඇමරිකානුවෙකුටම රිදවන බව එම ප්‍රකාශය උපුටා දක්වමින් කැනඩාව ප්‍රචාරය කර ඇත.
මේ සම්බන්ධයෙන් විරෝධය පළකරමින් ට්‍රම්ප් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් කර ඇත්තේ මෙම දැන්වීම ව්‍යාජ සහ අතිශයින්ම භයානක බවයි.
ඒ හමුවේ කැනඩාව සමග පවත්වන වෙළඳ සාකච්ඡා මෙතැනින් අවසන් බවත් ට්‍රම්ප් පවසා තිබේ.
ඔහුගේ පරිපාලනය බොහෝ කැනේඩියානු ආනයන සඳහා 35% ක බද්දක් මෙන්ම මෝටර් රථ සහ වානේ නිෂ්පාදනය වැනි විශේෂිත කර්මාන්ත ඉලක්ක කරගත් තීරුබදු පනවා ඇති අතර ඉන් දැඩි බලපෑමක් එල්ල වී ඇත්තේ ඔන්ටාරියෝ ප්‍රාන්තයට බව පැවසේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart