
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ හිටපු ඉහළ පෙළේ නිලධාරීන් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය ඇතුළු මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයුම්වලට සම්බන්ධ වී ඇති බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ජනමාධ්‍ය හමුවට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වූට්ලර් තහවුරු කළේ, විමර්ශනවලදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ හිටපු අධ්යක්ෂවරයා කෙරෙහි අවධානය යොමුකර ඇති බවයි.
අපක්ෂපාතී පරීක්ෂණයක් සඳහා පහසුකම් සැලසීම වෙනුවෙන් එම නිලධාරියා ස්ථාන මාරුකර ඇති බව ද ඔහු වැඩි පැවසීය.
“පොලිස්පතිවරයා පැහැදිලිව උපදෙස් නිකුත් කර ඇත්තේ වැරදිවලට සම්බන්ධ බවට අනාවරණය වූ ඕනෑම පුද්ගලයෙකු තරාතිරම හෝ තනතුර නොසලකා විමර්ශනයට භාජනය කරන බවයි,” යනුවෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ජනමාධ්‍ය හමුවේ පැවසුවේය.
මෙතම්ෆෙටමින් සහ හෂිෂ් විශාල ප්‍රමාණයක් මුහුදු මාර්ගයෙන් ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් මෑතකාලීනව සිදුකර ගත් අනාවරණයන් හමුවේ මෙම පරීක්ෂණ ආරම්භ කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart