
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
විල්පත්තු ජාතික වනෝද්‍යානය තුළ පිහිටා ඇති පල්ලකන්දාල් දේවස්ථානයේ සාම්ප්‍රදායික මාසික දේව මෙහෙයක් පවත්වන බව කතෝලික පල්ලිය තවමත් තහවුරු කර නොමැති බැවින්, පල්ලියේ බලධාරීන් විසින් කරන ලද ඉල්ලීම පිළිබඳව නීතිපතිවරයා තීරණය කළ යුතුව ඇතැයි පැවැසේ.
“වනතවිල්ලුව ශාන්ත ජූඩ් දේවස්ථානයේ කළමනාකාරිත්වය සෑම මසකම පළමු අඟහරුවාදා දින දේව මෙහෙයක් පැවැත්වීමට අවසර දෙන ලෙස ඉල්ලීමක් කර තිබෙනවා. කෙසේවෙතත්, එම දේව මෙහෙය සාම්ප්‍රදායික උත්සවයක් බව තහවුරු කිරීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රමාණවත් තොරතුරු නැහැ. එවැනි තොරතුරු වහාම පරිසර අමාත්‍යාංශයට යොමුකරන ලෙස පල්ලියෙන් ඉල්ලා තිබෙනවා. කෙසේවෙතත්, එවැනි තොරතුරු මේ දක්වා පල්ලිය විසින් ලබාදී නැහැ. එබැවින්, මෙම කාරණය නීතිපතිවරයා වෙත යොමු කර තිබෙනවා,” යනුවෙන් අමාත්‍ය ධම්මික පටබැඳි පවසයි.
“වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එම පල්ලියේ ආගමික කටයුතුවලට මැදිහත් වන්නේ නැහැ. කෙසේවෙතත්, පල්ලිය ජාතික වනෝද්‍යානය තුළ පිහිටා ඇති බැවින්, නිලධාරීන් පියවර ගෙන ඇත්තේ පල්ලියට පැමිණෙන බැතිමතුන් සහ පල්ලියේ පරිපාලකයින් වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ විධිවිධාන උල්ලංඝනය කරන අවස්ථාවලදී පමණයි. තවද, ජාතික වනෝද්‍යානයේ අනවසර ඉදිකිරීම් සම්බන්ධයෙන් ද මෙම දෙපාර්තමේන්තුව නීතිය ක්‍රියාත්මක කරලා තිබෙනවා. කෙසේවෙතත්, පල්ලිය විසින් ආගමික කටයුතු සිදුකිරීම සම්බන්ධයෙන් ඔවුන් මැදිහත් වෙන්නේ නෑ” ඔහු වැඩිදුරටත් පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart