
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් 21 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි ආනයනික සහල් වර්ග සඳහා සංශෝධිත උපරිම සිල්ලර මිල ගණන් ප්‍රකාශයට පත්කර ඇත.
2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු අධිකාරිය පනත යටතේ නිකුත් කරන ලද නව රෙගුලාසි (සංශෝධිත පරිදි) ඔක්තෝබර් 21 දිනැති අංක 2459/12 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයෙන් ප්‍රකාශයට පත්කර තිබේ.
ඒ අනුව එම අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් විසින් අත්සන් කරන ලද නියෝගයට අනුව ආනයනික සහල් සඳහා පනවා ඇති උපරිම සිල්ලර මිල පහත පරිදි වේ.
ආනයනික කැකුළු සහල් කිලෝග්‍රෑමයක මිල රු. 210,
නාඩු සහල් කිලෝග්‍රෑමයක් රු. 220
සම්බා සහල් කිලෝග්‍රෑමයක් රු. 230
පොන්නි සම්බා කිලෝග්‍රෑමයක් රු. 240
කීරි පොන්නි සම්බා කිලෝග්‍රෑමයක් රු. 255
මෙම සංශෝධිත මිල ගණන් ඉදිරිපත් කර ඇත්තේ වෙළඳපොළ ස්ථාවර කිරීම සහ අඛණ්ඩ මිල උච්චාවචනයන් මධ්‍යයේ පාරිභෝගිකයින්ට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සඳහා සාධාරණ ප්‍රවේශයක් ඇති බව සහතික කිරීම අරමුණු කර ගනිමින් බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.
ඒ අනුව කිසියම් ආනයනකරුවෙකු, සැපයුම්කරුවෙකු, බෙදාහරින්නෙකු හෝ වෙළෙන්දකු මෙම ආනයනික සහල් වර්ග නියමිත මිලට වඩා වැඩි මිල ගණන් යටතේ අලෙවි කිරීම නොකළ යුතු බව ද අදාළ ගැසට් පත්‍රයේ සඳහන් වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart