
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අධිකරණ පරිශ්රයකදී මෑතකදී ඇති වූ බව කියන ආරවුල සම්බන්ධයෙන් නීතිඥ ගුණරත්න වන්නිනායක ගල්කිස්ස මහේස්ත්රාත් අධිකරණය හමුවේ පෙනී සිට ඇත.
ශ්රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සමඟ ඔහු අද අධිකරණයට පැමිණ ඇති බව වාර්තා වේ.
ඉකුත් 10 වනදා ගල්කිස්ස අධිකරණ පරිශ්රයේදී පොලිස් කොස්තාපල්වරයෙකු සමඟ ඇති වූ බව කියන ආරවුල සම්බන්ධයෙන් ගුණරත්න වන්නිනායකට අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග කර තිබිණි.
අධිකරණ පරිශ්රයෙන් වාහනයක් ඉවත් කිරීම සම්බන්ධ ආරවුලකින් පසුව ගුණරත්න වන්නිනායකට පහර දුන් බවට චෝදනා එල්ල වූ පොලිස් කොස්තාපල්වරයා පසුගිය සතියේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළ අතර ඔහුට ඉකුත් සඳුදා ඇප නියම කර තිබිණි.
මේ අතර, සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් ඉල්ලා ගුණරත්න වන්නිනායක අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ද ගොනු කර තිබේ.
රිට් පෙත්සම අද අභියාචනාධිකරණය හමුවේ කැඳවීමට නියමිතව තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart