
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
චීනයේ නිල සංචාරයක නිරත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, 2025 ඔක්තෝබර් 14 වැනි දින බීජිං හි මහජන ශාලාවේදී චීන ජනාධිපති Xi Jinping සමඟ සාකච්ඡාවකට එක්විය.
ශ්‍රී ලංකාව සහ චීනය අතර ඇති සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම, දිගුකාලීන මිත්‍රත්වය සහ බහුවිධ සහයෝගීතාව තවදුරටත් තහවුරු කිරීම කෙරෙහි මෙම සාකච්ඡාව මඟින් අවධානය යොමු විය. කාන්තාවන් පිළිබඳ ගෝලීය නායකයින්ගේ සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපති Xi Jinping විසින් කරන ලද ආරාධනයකට අනුව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙලෙස චීනයේ නිල සංචාරයට සහභාගී විය.
මෙම වසර මුල ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායකගේ චීන රාජ්‍ය සංචාරය සමඟ සාකච්ඡා ඉදිරියට ගෙනයන ලදී.
දිගු කලක් පුරා දෙරට අතර පවතින මිත්‍රත්වය සඳහන් කරමින්, චීනයේ නවීකරණය පිළිබඳ ජනාධිපති Xi Jinpingගේ දැක්ම චීනයට පමණක් නොව අනෙකුත් ජාතීන්ට ද අදාළ වන බව පැවසූ අග්‍රාමාත්‍යවරිය, මානව වර්ගයා සඳහා පොදු අනාගතයක් ගොඩනැගීමේ වැදගත්කම අවධාරණය කළාය.
මෙහිදී ශ්‍රී ලංකාවේ ව්‍යාපෘති හරහා ලබා ඇති ප්‍රගතිය ඉස්මතු කළ අග්‍රාමාත්‍යවරිය, චීනය, ශ්‍රී ලංකාවේ වැදගත් සංවර්ධන හවුල්කරුවෙකු ලෙස එක් තීරයක් එක් මාවතක් ව්‍යාපෘතිය සඳහා චීන රජයේ අඛණ්ඩ සහාය බලාපොරොත්තු වන බව පවසා සිටියාය.
ශ්‍රී ලංකා ආර්ථිකය අත්කරගෙන ඇත මෑත කාලීන ජයග්‍රහණ සඳහා ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට සහ රජයට සිය සුබ පැතුම් එක් කළ ජනාධිපති Xi, දෙරට අතර පවතින සහයෝගීතාවය ඉදිරියට ගෙන යාමේ වැදගත්කම අවධාරණය කරමින් වෙළඳ, සංචාරක, අධ්‍යාපනය සහ ජනතාව සබඳතා ශක්තිමත් කිරීමට ශ්‍රී ලංකාවට අඛණ්ඩ සහයෝගය ලබාදෙන බව සහතික කළේය.
සමකාලීන ගෝලීය පාලනයේ වැදගත් කාර්යභාරයක් ඉටු කරන ජනාධිපති Xiගේ ගෝලීය පාලන මුලපිරීම සඳහා ශ්‍රී ලංකාව සිය සහයෝගය ලබාදෙන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අවධාරණය කළාය.(PM Media)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart