October 13, 2025

තංගල්ල කොට්ඨාස අප­රාධ විම­ර්ශන ඒක­ක­ය හමුවේ යළි පෙනීසිටින ලෙස ජාතික නිද­හස් පෙර­මුණේ නායක විමල් වීර­වංශට දැනුම්දීමක් සිදු කර තිබුණ ද ඔහු එම ඒකකය වෙත පැමිණ නොමැති බව වාර්තා වේ.

සීනි­මෝ­දර ප්‍රදේශයෙන් වාර්තා වූ මත්ද්‍රව්‍ය ජාවා­රම පිළි­බ­ඳව තංගල්ල කොට්ඨාස අප­රාධ විම­ර්ශන ඒක­කය අත්අ­ඩං­ගු­වට ගත් පුව­ක්ද­ණ්ඩාවේ සනා නමැති සැක­කරු පිළි­බ­ඳව විමල් වීර­වංශ ජනමාධ්‍ය හමු­ව­කදී කළ ප්‍රකා­ශ­යක් පිළි­බ­ඳව විම­සී­මට ඊයේ පෙරවරු 10ට එම ඒකකයට පැමිණෙන ලෙස ඔහු වෙත දන්වා තිබූ බව පොලිසිය පවසයි.

මීට පෙර ඉකුත් 09 වැනිදා ද තංගල්ල කොට්ඨාස අප­රාධ විම­ර්ශන ඒක­ක­යට පැමිණෙන ලෙස විමල් වීරවංශ වෙත දැනුම් දී තිබූ අතර, එදින ඔහු නීති­ඥ­ව­ර­යකු සමඟ එම ඒකකය වෙත පැමිණ ප්‍රකාශයක් ලබා දී තිබිණි.

එහෙත් ඔහු ලබාදුන් එම ප්‍රකා­ශ­යෙන් අනාවරණ කළ කරුණු ප්‍රමා­ණ­වත් නොමැති බැවින් විමල් වීර­වංශගෙන් ප්‍රශ්න කර වැඩි­දුර ප්‍රකා­ශ­යක් ලබා ගැනී­මට නැවත ඔහු තංගල්ල අප­රාධ විම­ර්ශන ඒක­ක­යට ඊයේ කැඳවා තිබේ.

පොලිසිය පවසන්නේ, ඒ පිළිබඳ දන්වා විමල් වීර­වංශ පදිංචිව සිටින හෝක­න්දර ප්‍රදේ­ශයේ නිවෙ­සට පණිවිඩයක් යොමුකළ බවයි.