
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය හමුවේ යළි පෙනීසිටින ලෙස ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශට දැනුම්දීමක් සිදු කර තිබුණ ද ඔහු එම ඒකකය වෙත පැමිණ නොමැති බව වාර්තා වේ.
සීනිමෝදර ප්‍රදේශයෙන් වාර්තා වූ මත්ද්‍රව්‍ය ජාවාරම පිළිබඳව තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය අත්අඩංගුවට ගත් පුවක්දණ්ඩාවේ සනා නමැති සැකකරු පිළිබඳව විමල් වීරවංශ ජනමාධ්‍ය හමුවකදී කළ ප්‍රකාශයක් පිළිබඳව විමසීමට ඊයේ පෙරවරු 10ට එම ඒකකයට පැමිණෙන ලෙස ඔහු වෙත දන්වා තිබූ බව පොලිසිය පවසයි.
මීට පෙර ඉකුත් 09 වැනිදා ද තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට පැමිණෙන ලෙස විමල් වීරවංශ වෙත දැනුම් දී තිබූ අතර, එදින ඔහු නීතිඥවරයකු සමඟ එම ඒකකය වෙත පැමිණ ප්‍රකාශයක් ලබා දී තිබිණි.
එහෙත් ඔහු ලබාදුන් එම ප්‍රකාශයෙන් අනාවරණ කළ කරුණු ප්‍රමාණවත් නොමැති බැවින් විමල් වීරවංශගෙන් ප්‍රශ්න කර වැඩිදුර ප්‍රකාශයක් ලබා ගැනීමට නැවත ඔහු තංගල්ල අපරාධ විමර්ශන ඒකකයට ඊයේ කැඳවා තිබේ.
පොලිසිය පවසන්නේ, ඒ පිළිබඳ දන්වා විමල් වීරවංශ පදිංචිව සිටින හෝකන්දර ප්‍රදේශයේ නිවෙසට පණිවිඩයක් යොමුකළ බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart