
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2019 පාස්කු ප්‍රහාරය පිටුපස සිටි ප්‍රධාන කුමන්ත්‍රණකරු හඳුනාගෙන ඇති බවත්, ප්‍රහාර පිටුපස ඉන්දියාව සිටින බවත් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස්පති රවී සෙනෙවිරත්න හෙළිකළ බවට පළවන වාර්තා ශ්‍රී ලංකා පොලිසිය ප්‍රතික්ෂේප කර තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා පොලිසිය පැවසුවේ, මෑතකදී රවී සෙනෙවිරත්න පාර්ලිමේන්තු උසස් තනතුරු පිළිබඳ කාරක සභාව ඉදිරියේ එම තොරතුරු හෙළිකළ බවට පැතිර යන පුවත අසත්‍ය බවයි.
ඊයේ (08) පැවති උසස් තනතුරු පිළිබඳ කාරක සභා රැස්වීමේදී මතු වූ ප්‍රශ්නවලට පමණක් රවී සෙනෙවිරත්න ප්‍රතිචාර දක්වා ඇති බවත්, කිසිදු අවස්ථාවක ඉන්දියාව ප්‍රහාරවලට සම්බන්ධ බවට හෙළිනොකළ බවත් පොලිසිය අනාවරණය කළේය.
මේ සම්බන්ධයෙන් පළවූ වාර්තා ප්‍රතික්ෂේප කරමින් පොලිසිය පැහැදිලි කළේ ඒවා අසත්‍ය සහ පදනම් විරහිත බවයි.
එවැනි අසත්‍ය තොරතුරු පතුරුවන පුද්ගලයන් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කිරීමට පොලිස්පතිවරයා නියෝගයක් නිකුත් කර ඇති බවත්, මේ සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට රවී සෙනෙවිරත්නගේ නීතිඥයන්ට උපදෙස් දීමට පොලිසිය තවදුරටත් සඳහන් කරයි.

Adding {{itemName}} to cart
Added {{itemName}} to cart