October 9, 2025

හිටපු අමාත්‍ය විමල් වීරවංශ අද තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය හමුවේ පෙනීසිට ඇත.

පොලිසිය විසින් නිකුත් කරන ලද කැඳවීමකට අනුව විමල් විරවංශ මෙලෙස තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයට පැමිණ තිබේ.

ඔහු මේ වන විට තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය සමඟ ප්‍රකාශයක් සටහන් කරමින් සිටින බව වාර්තා වේ.