October 8, 2025

මන්නාරමේ පේසාලේ ප්‍රදේශයේ සුළං විදුලි බලාගාරයක් ස්ථාපිත කිරීම පිණිස පස් හා වැලි සාම්පල පරීක්ෂා කිරීමට ගිය නිලධාරීන් පිරිසකට පේසාලේ ජනතාව පෙරේදා (6 දා) පහර දීමට තැත්කර ඔවුන් පළවාහැර තිබේ.

ගම්වාසීන් එක්ව ඔවුන්ගේ රාජකාරියට බාධාකරමින් නිලධාරීන්ට පරුෂ වචනයෙන් බැනවැදී තිබේ.

නිලධාරීන් විසින් පර්යේෂණ කටයුතු සඳහා ට්‍රැක්ටරයකින් රැගෙන යන ලද යන්ත්‍ර සූත්‍ර විනාශ කිරීමට පෙර වහාම එම භූමියෙන් පිටව යන ලෙස ගම්වාසීන් ඔවුන්ට තර්ජනය කර තිබේ.

මේ පිළිබඳව පොලිසියට පැමිණිලි කර ඇත.

පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.(දිවයින)