
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගේ චෝදනා ප්‍රතික්ෂේප කරමින් ජාතික ජන බලවේගය කියාසිටියේ, මෑතකදී අත්අඩංගුවට ගත් ‘පුවක්දණ්ඩාවේ සනා’ සමඟ ජාතික ජන බලවේගයට කිසිදු දේශපාලන සම්බන්ධයක් නොමැති බවයි.
ජනාධිපතිවරයා මෑතකදී දකුණට ගිය අවස්ථාවේ අදාළ පුද්ගලයාගේ නිවසේ ආහාර ගත් බව වීරවංශ ප්‍රකාශ කළ බව නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් ජනමාධ්‍ය වෙත පැවසීය.
විමල් වීරවංශ විසින් ප්‍රකාශ කළ පරිදි ජනාධිපතිවරයා හෝ කිසිදු ජාතික ජන බලවේග නායකයෙකු එම පුද්ගලයාගේ නිවසට ගොස් හෝ ආහාර ගෙන නොමැති බවත්, නොමඟ යවන සහ අසත්‍ය ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් වීරවංශට එරෙහිව ජාතික ජන බලවේගය නීතිමය පියවර ගන්නා බවත් ඔහු පැවසීය.
‘එය බරපතල ප්‍රකාශයක්. ජාතික ජන බලවේගයට ‘පුවක්දණ්ඩාවේ සනා’ සමඟ කිසිදු සම්බන්ධයක් නැහැ. ජනාධිපතිවරයා හෝ වෙනත් කිසිදු ජාතික ජන බලවේග නායකයෙකු ඔහුගේ නිවසට ගිහින් නැහැ. විමල් වීරවංශ අත්අඩංගුවට ගෙන ඔහුගේ ප්‍රකාශය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස අපි CID යෙන් ඉල්ලා සිටිනවා” ඔහු පැවසීය.
රාජපක්ෂවරුන්ට එරෙහිව එල්ල වී ඇති චෝදනා වෙනතකට යොමුකිරීම සඳහා සමහරු එවැනි ප්‍රකාශ කිරීමට උත්සාහ කරන බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart