
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සතියකට පමණ පෙර අතුරුදන් වූ අප්‍රිකානු සංක්‍රමණිකයන් 200ක් රැගත් යාත්‍රාවක් සොයා ස්පාඤ්ඤ ගලවා ගැනීමේ කණ්ඩායම් කැනරි දූපත්වලට ඔබ්බෙන් වූ මුහුදේ සෝදිසි ආරම්භ කර ඇත.
ආධාර කණ්ඩායම් පවසන්නේ ධීවර බෝට්ටුව ටෙනරීෆ් සිට දළ වශයෙන් කිලෝමීටර 1,700 (සැතපුම් 1,057ක්) දුරින් පිහිටි දකුණු සෙනගල්හි වෙරළබඩ නගරයක් වන Kafountine සිට යාත්‍රා කළ බවයි.
මෙම බෝට්ටුවේ ළමයින් බොහෝ ගණනක් සිටි බවව වාර්තා වෙතැයි ස්පාඤ්ඤයේ Efe පුවත් ඒජන්සිය සඳහන් කරයි.
පසුගිය දිනවල තවත් පුද්ගලයන් දුසිම් ගනනක් රැගත් මේ හා සමාන බෝට්ටු දෙකක් ද අතුරුදන්ව ඇති බව පැවසේ.
පුද්ගලයන් 200ක් පමණ රැගත් අදාළ බෝට්ටුව ජූනි 27 වන දින Kafountine සිට කැනරි දූපත් දෙසට ගමන් කරමින් සිටියදී අතුරුදන්ව තිබේ.
ස්පාඤ්ඤයේ සමුද්‍ර ගලවා ගැනීමේ සේවය Efe පුවත් ඒජන්සියට පවසා ඇත්තේ යාත්‍රාව සෙවීමේ කටයුතු සඳහා ගුවන් සහායද ලැබෙන බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart