
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ෆේස්බුක් හිමිකාරීත්වය දරන මෙටා සමාගම විසින් කෘත්‍රිම බුද්ධි (AI) තාක්‍ෂණයෙන් බලගැන්වෙන නව ස්මාර්ට් ඇස් කණ්නාඩි පෙළක් එළිදක්වා තිබේ.
එය ලොව පුරා සිටින පරිශීලකයන් සඳහා අත්‍යවශ්‍ය උපාංගයක් වනු ඇතැයි සමාගම විශ්වාසය පළකරයි..
‘Meta Connect’ නමැති එම සමාගමේ වාර්ෂික සංවර්ධකයන්ගේ සම්මන්ත්‍රණයේදී ආයතනයේ ප්‍රධානියා වන මාර්ක් සකර්බර්ග් ලොව ප්‍රකට අව් කණ්ණාඩි සන්නාමයන් වන රේ-බෑන් සහ ඕක්ලි සමඟ හවුල් වී හඳුන්වාදෙන උපාංග මාලාවක් පිළිබඳ නිවේදනය කළේය.
එහිදී සකර්බර්ග් පැවසුවේ, පණිවිඩ යැවීම වැනි කාර්යයන් සිදුකිරීමට පරිශීලකයන්ට ඉඩ සලසාදීම සඳහා Meta Ray-Ban Display වීදුරු සමඟ ඒකාබද්ධ කරන ලද අත්පළඳනාවක් ද සමාගම විසින් හඳුන්වා දී ඇති බවයි.
මෙටා සමාගම මෙම නිෂ්පාදන මාලාව එළිදක්වනු ලැබුවේ ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් සහ වට්ස්ඇප් හරහා විශේෂයෙන් ළමුන්ට ඇති බලපෑම පිළිබඳව ලොව රටවල් රැසකදී අඛණ්ඩ පරීක්ෂාවකට මුහුණ දී සිටින පසුබිමක් තුළය.
කෙසේවෙතත් සකර්බර්ග් ඔහුගේ නවතම තාක්‍ෂණය විශාල විද්‍යාත්මක ඉදිරි ගමනක් ලෙස හැඳින්වීය.
Meta Ray-Ban Display කාචය පූර්ණ-වර්ණ අධි-විභේදන තිරයක් සමඟ පැමිණෙන අතර එහිදී පරිශීලකයින්ට වීඩියෝ ඇමතුම් සහ පණිවිඩ බැලීමට හැකියාව පවතින අතර එය මෙගාපික්සල් 12 ක කැමරාවකින් ද සමන්විත වේ.
Meta හි ස්මාර්ට් උපාංග පෙළ එහි කෘතිම බුද්ධි මෙවලම වන Meta AI මිනිසුන්ගේ ජීවිතවලට ඒකාබද්ධ කිරීම සඳහා ප්‍රධාන වේදිකාවක් වනු ඇතැයි සකර්බර්ග් බලාපොරොත්තු පළ කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart