September 18, 2025

මිරිස්ස වෙරළට ඔබ්බෙන් වූ මුහුදේ දිය නෑමට ගොස් සිටියදී දියේ ගිලෙමින් සිටි 28 හැවිරිදි විදේශීය සංචාරකය කාන්තාවක බේරාගෙන තිබේ.

පොලිසියට අනුව, ඊයේ පස්වරුවේ මිරිස්ස වෙරළ තීරයේ පිහිනමින් සිටියදී කාන්තාව දිය පහරකට හසු වී ඇත.

කෙසේවෙතත්, ඒ අවස්ථාවේ රාජකාරියේ යෙදීසිටි පොලිස් ජීවිතාරක්ෂක කණ්ඩායමක් විසින් ඇය බේරාගෙන තිබේ.

බේරාගත් කාන්තාව 28 හැවිරිදි ඔස්ට්‍රියානු ජාතිකයෙකි.