
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පේරාදෙණිය ඊරියගම ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමට ගොස් එම නිවසේ තිබූ රුපියල් 469,000ක් වටිනා රන් ආභරණ හා දේපොළ සොරාගත් බව කියන නාවික හමුදා සෙබළුන් දෙදෙනකු පේරාදෙණිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් නාවික හමුදා බුද්ධි අංශයේ නිලධාරීන් බව පවසා නිවසට ඇතුළු වී පරීක්ෂා කළ බවත් අනතුරුව ඔවුන් රන් භාණ්ඩ හා තවත් විදුලි උපකරණ කිහිපයක් සොරාගෙන ගිය බවත් නිවසේ හිමිකාරිය පොලිසියට පැමිණිලි කර ඇත.
කඩුගන්නාව පොලිසියේ කණ්ඩායමක් සමග සැකකරුවන් දෙදෙනා පෙර අවස්ථාවක පැමිණ නිවස පරීක්ෂා කළ බවත් එම සොරකම සිදුකළේ ඊට පසු දිනක පැමිණ බවත් ඇය වැඩිදුරටත් පොලිසියට ප්‍රකාශ කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ පේරාදෙණිය පොලිසිය රත්තොට හා කොබ්බෑකඩුවේ පදිංචි 31 හැවිරිදි හා 32 හැවිරිදි නාවික හමුදා සෙබළුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.
මත්ද්‍රව්‍ය ඇති බවට තොරතුරක් ලැබුණු බව පවසමින් තලාතුඔය නාවික හමුදා කඳවුරේ සෙබළුන් දෙදෙනකු මෙම නිවසට ඇතුළු වූ බව කාන්තාව පොලිසියට පවසා ඇත.
මෙම සෙබළුන් දෙදෙනා නාවික හමුදා බුද්ධි අංශ නිලධාරීන් බව ද දැනට සිදුකර තිබෙන පරීක්ෂණ මගින් අනාවරණය වී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් පේරාදෙණිය පොලිසිය පරීක්ෂණ පවත්වයි.(දිවයින)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart