
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට මිරිහාන, ගල්වල පාරේ නිවෙසක් ඇති බව ඔහුගේ ඥාති සොහොයුරු, රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග අනාවරණය කර ඇත.
උදයංග වීරතුංග සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් පවසා ඇත්තේ, මහින්ද රාජපක්ෂ මෙම නිවෙස මිලදී ගත්තේ 1980 වසරේදී බවයි.
උදයංග වීරතුංග ඒ පිළිබඳව තැබූ ෆේස්බුක් සටහන පහතින් දැක්වේ.
‘අද මාලිමා ආණ්ඩුව තප්පුලන ප්‍රශ්නගත අංක 117, විජේරාම මාවතේ නිල නිවසේ මහින්ද රාජපක්ෂයන් ගත්කල අවසාන දිනය 2025 සැත්තැම්බර් 10 දා විය. එදින, විජේරාම නිළ නිවසේ දී හිටපු ජනාධිපතිතුමා සමඟ රාත්‍රී කෑමට සහභාගී වුයේ මා පමණයි.. ඇත්තටම කෑම ගැනවත් විජේරාම නිළ නිවාසයෙන් ඉවත්වීම පිළිබද එතුමාට හැගීමක් නොතිබුණු නමුත්, මිරිහානේ තමන්ගේ ගෙදර පදිංචියට යාමට නොහැකි වීම පිළිබද සංවේදීව කථා කල බව සටහන් කරමි.
මහින්ද අයියා තම පළමු නිවාසය, මිරිහාන, ගල්වල පාරේ මිලදී ගත්තේ, 1980 දී බව මතක් කළේය. එදා මා නාලාන්දා විද්‍යාලයට ගියේද, එම නිවසේ සිටය. පසුව රුසියාවේ විශ්ව විද්‍යාල අධ්‍යාපනයට විදේශගත වූයේ ද එම නිවසේ සිටය.
ඒ ගෙදර හරිම වාසනාවන්ත නිවාසයක් ලෙස අදටත් අප විශ්වාස කරමු. මහින්ද අයියා විවාහය වුයේ එම නිවසට පැමිණීමෙන් පසුවයි. එසේම ඩඩ්ලි අයියා, ප්‍රීතී අක්කා, ගාන්දනී අක්කා, ගෝඨා අයියා විවාහ වුයේද එම නිවසට පැමිණීමෙන් පසුවයි. එම කාලයේදී ජයන්ති අක්කා මෙන්ම බැසිල් අයියා ද තම පළමු නිවාස ඉදිකිරිමට තීරණය කලේ එම ගෙදරට යාබද ඉඩම් වලය. ඒ නිසාම මාගේ පළමු නිවාසය 1991 දී ඉදිකරන ලද්දේ මිරිහාන පොලිස් වසම තුලය.
එසේ රාජ්‍ය නිල නිවාස නොමැති කාලයේ දී මැදමුලන සිට කොළඹ පැමිණ, නිවාස මිලදී ගත් අපේ මහින්ද අයියාට අද හිටපු ජනාධිපති ලෙස විශ්‍රාමික දිවිය ගත කිරීමට කොළඹ නිවාස ප්‍රශ්නයක් කිසිසේත්ම නැති බව මා විශ්වාස කරමි..
උදයංග වීරතුංග – හිටපු තානාපති’
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart