
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බරපතළ අල්ලස් චෝදනා එල්ල වී තිබෙන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සතිෂ් රන්ජන් හියාරේ ගමගේ සැප්තැම්බර් 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්.බෝදරගම නියෝග කළේය.
අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනීසිටි සහකාර නීති කටයුතු අධ්‍යක්ෂ තුෂිත ජයනෙත්ති ප්‍රකාශ කළේ, සැකකරු නීතිවිරෝධී ලෙස මිලියන 25.2 ක මුදලක් පෞද්ගලික බැංකු ගිණුම් කිහිපයක තැන්පත් කර ඇති බවට විමර්ශනවලදී සාක්ෂි අනාවරණය වී ඇති බවයි.
සැකකරු රාජ්‍ය බැංකුවකින් රුපියල් මිලියන 25ක ණයක් ලබාගෙන ඇති අතර එය සම්පූර්ණයෙන්ම ආපසු ගෙවා ඇත්තේ අල්ලස් මගින් ලබා ගත් අරමුදල් යොදාගෙන බවද වැඩිදුරටත් අනාවරණය වී තිබේ.
සැකකරුගේ ගිණුම්වලට මුදල් තැන්පත් කළ පුද්ගලයන් හඳුනාගැනීම සඳහා පරීක්ෂණ ක්‍රියාත්මක බවද අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි සහකාර නීති කටයුතු අධ්‍යක්ෂ තුෂිතා ජයනෙත්ති පැවසුවේය.
සැකකරු අල්ලස් ලබාගැනීම සඳහා තම නිල තනතුර අනිසි ලෙස භාවිත කර ඇති බව අවධාරණය කළ ඇය සාක්ෂිකරුවන්ට බලපෑම් එල්ල විය හැකි බවට සැකකරන බවත් අතිරේක ප්‍රකාශ සටහන් කර ගැනීමට අවශ්‍ය බවත් සඳහන් කරමින් ඇය තවදුරටත් රිමාන්ඩ් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියාය.
සැකකරු වෙනුවෙන් පෙනී සිටි විත්තියේ නීතිඥවරයා අල්ලස් කොමිසමේ චෝදනා අසාධාරණ බවට තර්ක කළ අතර තම සේවාදායකයා සාධාරණ ඇප මත මුදා හරින ලෙස ඉල්ලා සිටියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart