
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අත්අඩංගුවේ පසුවන පාතාල නායක ‘පානදුර නිලංග’ නමැත්තාගේ බැංකු ගිණුම් පිළිබඳ වාර්තා ලබාගැනීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබාදී තිබේ.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම එම නියෝගය නිකුත් කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරන ලද ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවය.
දැනට රඳවා තබාගෙන ප්‍රශ්න කරමින් සිටින සැකකරුට අයත් බැංකු ගිණුම් දෙකක් හරහා සැලකිය යුතු මුදලක් සංසරණය වී ඇති බවට තොරතුරු ලැබී ඇතැයි රහස් පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් දැනුම් දී තිබේ.
සැකකරු සිදුකළ බව කියන මත්ද්‍රව්‍ය ජාවාරම් සහ වෙනත් අපරාධ ක්‍රියා සම්බන්ධයෙන් පරීක්ෂණ ඉදිරියට ගෙනයෑමට නම් මෙම බැංකු ගිණුම් හරහා සිදුකෙරෙන ගනුදෙනු පිළිබඳව විමර්ශනය කිරීම අත්‍යාවශ්‍ය බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එහිදී පවසා ඇත.
ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉල්ලීම පිළිගත් ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සැකකරුගේ ගිණුම් පිළිබඳ වාර්තා ලබාදෙන ලෙස අදාළ බැංකු දෙකට නියෝග කරමින් නියෝග නිකුත් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart