
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වංශාධිපති පවුලක බ්‍රිතාන්‍ය කාන්තාවකට සහ ඇගේ සහකරුට තම අලුත උපන් දියණිය ඝාතනය කිරීම සම්බන්ධයෙන් වසර 14ක සිර දඬුවම් නියම කර තිබේ.
තීන්දුව ලබා දෙමින් විනිසුරු මාර්ක් ලුක්‍රාෆ්ට් පැවසුවේ මාර්ටන් සහ ගෝර්ඩන් යන දෙදෙනා තම දරුවා වන වික්ටෝරියාට සැලකූ ආකාරය ‘බරපතළම ආකාරයේ නොසළකා හැරීමක්’ බවයි.
කොන්ස්ටන්ස් මාර්ටන් සහ මාර්ක් ගෝර්ඩන් තම දරුවාගේ මරණයට හේතු වී ඇත්තේ මාර්ටන් රහසිගතව දරු ප්‍රසූතිය සිදු කිරීමෙන් පසුව ශීත සෘතුවේදී යුවළ එම බිළිඳිය කූඩාරමක ජීවත් වීමට රැගෙන යෑමෙන් බවයි.
ලුක්‍රාෆ්ට් යුවළට පැවසුවේ “ඔබ දෙදෙනාගෙන් කිසිවකු ඔබේ දරුවාගේ රැකවරණය හෝ සුභසාධනය ගැන එතරම් සිතුවේ නැහැ – දෙදෙනාම ඒ ගැන අව්‍යාජ පසුතැවිල්ලක් ප්‍රකාශ කළෙත් නැහැ” යනුවෙනි.
යහපැවැත්ම පිළිබඳ සැළකිලිමත් වී ඔවුන්ගේ අනෙක් දරුවන් හතර දෙනා රැකබලා ගැනීම සඳහා යොමුකර තිබේ.
සැඟවී සිටීමෙන්, යුවළ බලාපොරොත්තු වී ඇත්තේ සමාජ සේවා ආයතන තම දියණිය රැගෙන යෑම වැළැක්වීමටයි.
දෙවැනි එලිසබෙත් රැජිනගේ හිටපු සුළු සේවකයකු වූ නේපියර් මාර්ටන්ගේ දියණිය වන මාර්ටන් සහ ඇගේ සහකරු ගෝර්ඩන්, 2023 ජනවාරි මාසයේදී ප්‍රථම වරට මහජන අවධානයට ලක් වූයේ, ඔවුන්ගේ පිළිස්සුණු මෝටර් රථය තුළ තුවායකින් ඔතා ඇති වැදෑමහක් සොයා ගැනීමෙන් පසුවය.
2022 දෙසැම්බර් අග භාගයේදී මාර්ටන් ඔවුන්ගේ පස්වැනි දරුවා වන වික්ටෝරියා ගැබ්ගෙන සිටියදී බලධාරීන්ව මග හැරීම සඳහා යුවළ පලා ගොස් තිබිණි.
මාර්ටන් සහ ගෝර්ඩන් සති කිහිපයක් පොලිසියට හසු නොවී කූඩාරමක ජීවත් වී තිබිණි.
අවසානයේ ඔවුන් එංගලන්තයේ දකුණු වෙරළ තීරයේ බ්‍රයිටන් හි පොලිසිය විසින් සොයා ගන්නා ලදී.
ඔවුන්ගේ දියණියගේ සිරුර දින කිහිපයකට පසු භාවිතයට නොගත් ගබඩාවක බෑගයක තිබී සොයා ගැනිණි.
2024 දී ඔවුන්ගේ පළමු නඩු විභාගයේදී යුක්තියේ ගමන් මග විකෘති කිරීම, ළමා කෲරත්වය සහ දරුවෙකුගේ උපත සැඟවීම සම්බන්ධයෙන් මාර්ටන් සහ ගෝර්ඩන් වරදකරුවන් විය.
ජූලි මාසයේදී, ඔවුන්ගේ නඩුව නැවත විභාගයේදී දැඩි නොසැළකිල්ලෙන් මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් ඔවුන් වරදකරුවන් විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart