
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
විමුක්ති ජයසුන්දරගේ අධ්‍යක්ෂණයෙන් හැඩහැන්වුණු නවතම චිත්‍රපටයක් වන ‘Spying Stars’ ලෝක ප්‍රකට බූසාන් අන්තර්ජාතික චිත්‍රපට උළෙලේ තරඟකාරී අංශය සඳහා තේරී තිබේ.
චිත්‍රපටයේ දිවයන කතාවට අනුව, යන්ත්‍ර මගින් ආධිපත්‍ය දරන අනාගතයේ කාලයක ජීවත් වන විද්‍යාඥවරියක වන ආනන්දි නමැති කාන්තාවක් ඇගේ පියාගේ අවසන් කැමැත්ත ඉටුකිරීම සඳහා හනුමාන් නමැති දූපතට පැමිණෙයි.
එම ගමනේදී එම කාන්තාව මුහුණදෙන සිදුවීම් පසුබිම් කරගනිමින් මෙම චිත්‍රපටය නිර්මාණය කර තිබේ.
මෙහිදී ආනන්දිට මුණගැසෙන මවක් සහ ඇගේ සංක්‍රාන්තික ලිංගික දියණිය සමඟ සිදුවන ගනුදෙනුව වටා ‘Spying Stars’ චිත්‍රපටය නිර්මාණය කර ඇත.
ඉන්දිරා තිවාරි ,සෞම්‍ය ලියනගේ, කෞශල්‍යා ප්‍රනාන්දු, සමනලී ෆොන්සේකා ඇතුලු නළු නිළියන් රැසක් චිත්‍රපටය සඳහා රංගනයෙන් එක්ව තිබේ.
මීට පෙර ද විමුක්ති ජයසුන්දර විසින් අධ්‍යක්ෂණය කළ සුළඟ එනු පිණිස, අහසින් වැටෙයි, සුළඟ ගිනි අරන් වැනි චිත්‍රපට දෙස් විදෙස් සම්මානයන්ට පාත්‍ර වූ අතර 2005 වසරේ කාන් සිනමා උළෙලේදී ‘සුළඟ එනු පිණිස’ වෙනුවෙන් ඔහු ජයග්‍රහණය කල Caméra d’Or සම්මානය, මෙරට සිනමාකරුවෙකු දිනාගත් ඉහළම අන්තර්ජාතික සම්මානය ලෙස පිළිගැනේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart