
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කහටගහ පතලෙහි මිනිරන් සඳහා රාජ්‍ය‑පෞද්ගලික හවුල්කාරිත්වය යටතේ අගය එකතු කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
ඊට අදාළ කැබිනට් යෝජනාව පහතින් දැක්වේ.
‘අක්කර 102 ක පමණ භූමි ප්‍රමාණයක පිහිටා ඇති කහටගහ පතල ශ්‍රී ලංකාවේ ගැඹුරුම මිනිරන් පතල වේ. පූර්ණ වශයෙන් රජය සතු සමාගමක් වන කහටගහ ග්‍රැෆයිට් ලංකා ලිමිටඩ් යටතේ මේ වන විට කහටගහ පතල ක්‍රියාත්මක වන අතර, එමඟින්, උසස්ම තත්ත්වයේ මිනිරන් නිෂ්පාදනය කර, අපනයනය කිරීම සිදු කරනු ලබයි. පසුගිය රජය යටතේ කහටගහ ග්‍රැෆයිට් ලංකා ලිමිටඩ් ප්‍රතිව්‍යූහගත කිරීමට තීරණය කර තිබූ අතර, ඒ යටතේ හඳුනාගනු ලබන ආයෝජකයෙකු මඟින් කහටගහ පතලේ මිනිරන් සඳහා අගය එකතු කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට පියවර ගත යුතු බවට 2023‑12‑11 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කර ඇත. එහෙත්, ඒ අනුව ඉදිරි පියවර ගෙන නොමැත. එම පතලේ පවතින මිනිරන් සංචිතය පිළිබඳව නිශ්චය කිරීම සඳහා දේශීය වශයෙන් පවතින තාක්ෂණය ප්‍රමාණවත් නොවන බව පෙනී ගොස් තිබේ. එම කරුණු සැලකිල්ලට ගෙන, කහටගහ ග්‍රැෆයිට් ලංකා ලිමිටඩ් ප්‍රතිව්‍යූහගත කිරීම සම්බන්ධයෙන් එළඹ ඇති 2023‑12‑11 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය අවලංගු කර, කහටගහ පතලේ මිනිරන්වල අයිතිය එම සමාගම සතුවම පවත්වා ගනිමින් හා දැනට එම පතලේ සේවය කරනු ලබන සේවකයින්ගේ රැකියා සුරක්ෂිත කරමින් කහටගහ පතලේ මිනිරන් සංචිතය ගවේශනය කිරීම, එම පතලේ මිනිරන් කැනීම්, සැකසුම් හා මිනිරන් සඳහා අගය එකතු කිරීම යන සමස්ත ව්‍යාපෘතියම රාජ්‍ය‑පෞද්ගලික හවුල්කාරිත්ව ක්‍රමවේදය යටතේ ක්‍රියාත්මක කිරීම සඳහා අනුමත ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කරමින් අභිලාෂ ප්‍රකාශ කිරීමේ යෝජනා කැඳවීම පිණිස කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.’
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart